Advertisement

කෝටිපති ව්‍යාපාරික දෙරණ අධිපති දිලිත් ජයවීරගේ සොදුරු කැදැල්ල

දිලිත් ජයවීර යනු ශ්‍රී ලංකාවේ හොඳින් දන්නා ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු නීති ශිෂ්‍යයෙකුව සිටියදී සීමාසහිත ට්‍රයැඩ් ඇඩ්වර්ටයිසින් (පුද්) සමාගම පිහි‍ටුවන්නට යෙදිණි. 1993 දී ස්ථාපනය කරනු ලැබූ මෙම ඒජන්සිය ආකෘතිගත කරනු ලැබුවේ රටේ පළමුවෙනි දේශීය වෙළෙඳ දැන්වීම් නිර්මාණ ආයතනය ලෙසයි.  GOSSIP GOSSIP LANKA
මොහු ටීවී දෙරණ නාලිකාව ඇතුලු ශ්‍රී ලංකාවේ බිලියන 46ක් පමණ වටිනා සමාගම් ගොන්නක සභාපති ධූරය දරන අයෙකු ලෙස සැලකේ. 1967 සැප්තැම්බර් 18 උපත ලැබූ ඔහුව 2011 දී එල්එම්ඩී සඟරාව විසින් වසරේ ව්‍යාපාරික පුද්ගලයින් දස දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කර ඇත. ඉන්පසුව 2020 දී එල්එම්ඩී විසින් නම් කරන ලද ආයතනික නායකයින් 100 දෙනා අතරත් දිලිත් ජයවීර සිටීම ඉතා වැදගත් කරුණක්. ඉතින් ඔහු මේ වනවිට ඔහු ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළඳ ආයතනය වන ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි හි සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.

වෘත්තියෙන් නීතිඥයෙකු වන දිලිත් ජයවීර 1993 දී කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඪයේ දී මුණගැසුණු වරුණි අමුනුගම සමඟ හවුල්ව ට්‍රයඩ් ඇඩ්වර්ටයිසින් (පුද්) සමාගම ආරම්භ කරලා තියනවා. ඉතින් පසුගිය කාලයේ හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ පැතිකඩ ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා හමුදා වෙනුවෙන් නිර්මාණය කරන ලද ‘අපී වෙනුවෙන් අපී’ ඇතුළු ඉහළ පෙළේ ව්‍යාපාර කිහිපයක් පිටුපස ජයවීරගේ ඒජන්සිය සිටින බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඉතින් නීති විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යකුව ඉද්දි තමයි මොහු ඇඩ්වර්ටයිසිංවලට එන්නේ. ඉතින් එතකොට බොහෝ දෙනෙක් කියලා තියෙන්නේ මේක හරියන්නේ නැතිවෙයි කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඔහු දැන්වීම් කරණය පිළිබඳව ලොකු හැදෑරීමක් කරපු කෙනෙක් නොවන නිසා වගේම පිටින් බැලුවාම නීති පීඪයේ ඉන්න කෙනෙකුට එවැනි විෂයක විශාල හැකියාවක් තියෙයි කියලා කවුරුත් හිතන්නේ නැති එක.ඉතින් කොහොම උනත් මේ වෙද්දී දිලිත් ජයවිර කියන්නේ ලංකාවම දන්නා ලංකාවේ විශාල මාද්‍ය ජාලයක හිමිකරු වනවා ඒ වගේමයි ලංකාවේ විශාලම හෝටල් ජාලයක හිමි කරු වන්නේද ඔහුයි.. GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements