Advertisement


වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යවා පැය 48 ක් ගතවන්නටත් පෙර වෙන්නප්පුවේ වධකාගාර පවත්වාගෙන ගිය ඕලූමරා නමැති ජාවාරම් නායකයා ඇප ලබාගෙන වෙන්නප්පුවට පැමිණ ඇත.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගෙනගිය දැඩි නීති රීති නිසා ඊට බියෙන් ඕලූමරා නමැති පාතාල නායකයා අධිකරණය ඇප ලබා දුන්නද ඇප ලබා නොගෙන බන්ධනාගාරයට වී සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.
එහෙත් එරික් පෙරේරා මාරුකර යවා ඔහු යටතේ තිබූ විශේෂ එකකයද විසුරුවා හැරීමෙන් පසු පෙරේදා ඕලූමරා හලාවත අධිකරණය වෙත ඇප අයැදුම් පතක් ඉදිරිපත් කර ඇප ලබාගෙන තිබේ.

වෙන්නප්පුව ප‍්‍රදේශයේ තරුණයන් ගෙන ගොස් සිරකරගෙන විවිධ තාඩන පීඩන වලට ලක් කිරීම, මහා පාරිමාණ ජාවාරම් ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් ඕලූමරා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබුණේ එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් විසින්ය.

ඕලූමරා නමැති පාතාල නායකයා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ සමීපතමයකු බවද වාර්තා වන්නේ.

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මාරුකර යවා විශේෂ ඒකකය විසුරුවා දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේද මෙම රාජ්‍ය ඇමැතිවරයා විසින් බව ද වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊයේ පොලිසිය භාර ඇමතිවරයා සඳහන් කර සිටියේ වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් ස්ථාන අධීක්ෂණය කළ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ප්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ බලපෑම මත ස්ථාන මාරු කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.එමෙන්ම වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා යටතේ පිහිටුවා තිබූ විශේෂ පොලිස් ඒකකය ඊයේ (25 වැනිදා) සිට නැවත පිහිටවූ බව ඇමැති සරත් වීරසේකර මහතා කීවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements