Featured News

Video Gossip

Advertisement

හැබැයි කතාබහක් තිබුණේ නැහැ. ලොකු පුතාගේ කාමරයේ වෙනමම නිදාගත්තා

තිස් හැවිරිදි තරුණියක ගෙල සිඳ මරා, රබර් ගසක එල්ලී මියගොස් සිටි බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමසිරිගේ බිරිය වන රමණි ක්‍රිෂාන්ති නමැති අය බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ ඉකුත්දා සිද්ධිය පිළිබඳ ඇය දන්නා කරුණු හෙළි කළාය.

මින් ඉහත වාර්තාවූයේ 18 හැවිරිදි පුතෙකු ගැන වුවත් ඔවුනගේ වැඩිමල් පිරිමි දරුවා 26 හැවිරිදි කොළඹ රැකියාවක් කරන අයෙකු බවත් 17 හැවිරිදි වියේ හා 11 වියේ දියණියන් දෙන්නෙකු සිටින බවත් ඇය පවසා ඇත..

අනියම් ඇසුර පවත්වමින් සිටි දිලිනි සහ තවත් තරුණියක සමග පොලිස් නිලධාරියාගේ නිවසට පවා පැමිණ තිබූ බවත් ඔවුන් එසේ පැමිණ දරුවන් හා මිතුරුවීමට උත්සාහ ගත් බවත් පසුව සම්බන්ධය එළිවීමෙන් පසු ප්‍රශ්න ඇතිවූ බවත් උපපොලිස් පරීක්ෂකවරයාගේ බිරිය පවසා ඇත.
ඇය මෙසේ පැවැසුවාය.

“දවසක් මහත්තයා මට කිව්වා එයා වැඩ කරන තැන කෙල්ලෝ කට්ටියක් අපේ ගෙදර එන්න අහනවා කියලා. එහෙම කියලා එයා ගෑනු ළමයින් දෙන්නෙක් එක්ක මෙහෙ ආවා. ඇවිත් මගේ දුවත් එක්ක ඒ ගෑනු ළමයින්ව අරගෙන පරවියන් ඇල්ලට නාන්න ගියා. හැබැයි මට කිව්වේ මොනරාගල ළමයි කියලා. ඒත් මගේ පොඩි දුව ඇවිත් කිව්වා එයාලා ඇඹිලිපිටියේ අක්කලා කට්ටියක්. එක්කෙනෙක්ගේ නම තමයි දිලිනි කියලා.

මේක ඇහුවට පස්සේ එයා ගෙදර ආවම මම එයාට හොඳටම බැන්නා. මම පැහැදිලිව දන්නවා මට කළේ බොරුවක් කියලා. ඒ දිලිනි කියන ළමයත් හොඳ චරිතයක් ඇති කෙනෙක් නෙමේ කියලා යාළුවකුත් මට කිව්වා.”

“දවසක් මම මහත්තයාගේ හෑන්ඩ්ෆෝන් එක බැලුවම ඇඹිලිපිටිය පැත්තේ කෙල්ලෙක් එවපු මැසේජ් හතකුයි, ඒ කෙල්ලගේ පින්තූර වගයකුයි තියෙනවා දැක්කා. පස්සේ මම එයාට කිව්වා “ඔයාට ලොකු පුතෙක් ඉන්නවා නේද දරුවන්ගේ නාමයෙන් ඔය සම්බන්ධය නතර කරන්න කියලා.”

“තුන්වැනිදා රෑ 11.30ට විතර එයා ගෙදර ආවා. අතේ කළුපාට බෑගයකුත් තිබුණා. ඊට කලින් එයාට මගේ දුව කෝල් එකක් ගත්තා. එතකොට මහත්තයා දුවට කියලා තිබුණා එයා කොළඹ ඉන්නේ. දවස් හතරකින් විතර ගෙදර එනවා කියලා. එහෙම කියලා තමයි තුන්වැනිදා රෑ ආවේ. මම රෑ බතුත් බෙදලා දුන්නා.

හැබැයි කතාබහක් තිබුණේ නැහැ. ලොකු පුතාගේ කාමරයේ වෙනමම නිදාගත්තා.

පහුවදා උදේ නැඟිටලා මම දුවත් එක්ක බුත්තල පන්ති ගියා. ගිහින් 12ට විතර ගෙදර ආවත් මහත්තයා පේන්න හිටියේ නැහැ.
රෑ වෙලා ගෙදර ආවා. අපිට අයිස්ක්‍රීම් වගයකුත් ගෙනාවා. පස්සේ තමයි පොලිසියේ දෙන්නෙක් අපේ ගෙදර ආවේ. ඒපාර තමයි එයා ගෙදරින් යන්න ගියේ” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

ඉකුත් 27 වැනිදා හවස තුනට පමණ තම සැමියා බුත්තල බස් නැවතුම්පළේදී ලොකු දුවට මුණ ගැසී තිබෙනවා. එවිට සැමියා ලොකු දුවට පවසා ඇත්තේ හදිසි වැඩකට ඔහු කොළඹ යන බවත්, ඒ බව තමාට පවසන ලෙසත්ය. එයා හරිම වැරදියි. මම එයා හදාගන්න උත්සාහ කළා. ඒත් එයා ඇහැව්වේ නැහැ.” ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ පැවැසුවාය.

තොරතුරු - කීර්ති මෙන්ඩිස්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements