එළඹෙන සිංහල අලුත් අවුරුද්දේත් චාරිත්‍ර වාරිත්‍ර සෞඛ්‍යාරක්ෂිතව ඉටු කරමින් නිවසටම වී සිටින ලෙස ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කොට ඇත.
විදේශීය රටව මේ වනවිට නැවත වතාවක් ශීඝ්‍ර කොවිඩ් රෝගී වර්ධනයක් සහ මරණ වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව අමාත්‍යවරිය පෙන්වා දී තිබේ.
විශේෂයෙන් උත්සව සමයේ සෙනග ගැවසෙන ස්ථානවල රැදී සිටීමෙන් වළකින ලෙසත්, විනෝද ගමන්, සාප්පු සවාරි යාමෙන් වැළකී සිටින ලෙසත් අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කොට ඇත.

