Featured News

Video Gossip

Advertisement


කොළඹ, පිටකොටුවේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් 35 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මියගෙන් 'මව්බිම' වෙබ් අඩවිය කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ, ඊයේ (අප්‍රේල් 19) දින සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ 123කින් බැංකුවේ සේවකයන් 18 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වූ බව ය.

අප්‍රේල් මස මුල සිට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව එම බැංකු ශාඛාවේ සේවකයන් 35 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.

මේ අතර බදුල්ල ප්‍රදේශයේ බැංකුවක සේවකයින් 9 දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි 'මව්බිම' වෙබ් අඩවිය කළ විමසීමකදී සෞඛ්‍ය අංශ පැවසීය.

සෞඛ්‍ය අංශ තහවුරු කළේ, අදාළ බැංකුව වසා නොමැති අතර නිරෝධායනය කළ පිරිසක් යොදවා බැංකුවේ කටයුතු පවත්වාගෙන යන බව ය.

මීට අමතරව ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බව ඊයේ (19) දින තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

තව ද එම ප්‍රකාශකයා පැවසුවේ, ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් නිරෝධායනය සඳහා යොමු කරන අතර ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව ය.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයන් 130 දෙනෙකු ඊයේ (19) දින පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ අතර ඉන් 31 දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වූ බව අප කළ විමසීමකදී සෞඛ්‍ය අංශ පැවසීය.

මීට අමතරව මහරගම, පමුණුව සාප්පු සංකීර්ණයකින් මේ වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හමු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements