Featured News

Video Gossip

Advertisement


පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය…

ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයා ඇන්දවීමක!ගෑස් මිල රුපියල් 406.50 කින් වැඩි කරලා. වෙළද ඇමති නිදි!

මෙරට ගෘහස්ත පරිභෝජනයට ලබා ගන්නා ගෑස් සැපයුම සිදුකරනු ලබන්නේ සමාගම් දෙකක් විසින් වන අතර ඉන් එක් සමාගමක් පුද්ගලික සමාගමක් වන අතර අනෙක් සමාගම රජයට අනුබද්ධ සමාගමකි. එම සමාගම වන්නේ ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් (Litro Gas Lanka Ltd.) සමාගමයි. එම සමාගම විසින් ඉතා මෑතකදී ප්‍රීමියම් හයිබ්‍රිඩ් නමින් ගෑස් සිලින්ඩරයක් හදුන්වා දී පාරිභෝගිකයා ‌ගොනාට අන්දවමින් හා මෙරට නීතිය උල්ලංඝණය කරමින් සිටින ආකාරය පිළිබදව වන හෙළිදරව්ව මෙසේ සිදුකරමු.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 18 වන වගන්තිය අනුව ගෘහස්ත ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර පාලන මිලක් පනවා ඇත. ඒ අනුව විවිධ ප්‍රදේශ වල ගෘහස්ත ගෑස් අලෙවි කල හැකි මිලක් නියම කර ඇත.

බස්නාහිර පළාත තුළ 12.5 kg ක ගෑස් සිලින්ඩරයක් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1493/= කි. ඒ අනුව ගෑස් 1 Kg එකක මිල වන්නේ රුපියල් 119.44 කි.

ලිට්රෝ සමාගම විසින් නවතම හදුන්වාදීමක් ලෙස සදහන් කරනු ලබන ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය වන්නේ ලීටර 18 කි. ලීටර 18 ක් යනු ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 9.18 කි. (ගෑස් 1 kg = 1.96 ලීටර) නැතහොත් (ගෑස් ලීටරයක් යනු 0.51 කිලෝ ග්‍රෑම්) කි.

මේවන විට බස්නාහිර පලාත තුළ 12.5 kg ක ගෑස් සිලින්ඩරයක් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1493/= කි. ඒ අනුව ගෑස් කිලෝ එකක මිල රුපියල් 119.44 කි.

ලිට්රෝ සමාගම පාරිභෝගිකයා ගොනාට ඇන්දවීමේ නවතම ක්‍රමවේදය අනුව ලීටර 18 ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1395/= කි. ( කිලෝ 9.18 කි ) ඒ අනුව ගෑස් කිලෝ එකක මිල වන්නේ 151.96 කි. එම ගෑස් සිලින්ඩරයට ගෑස් කිලෝ 12.5 ක් පිරවූයේ නම් අදාල මිල වන්නේ රුපියල් 1899.50 කි.

ඒ අනුව නවතම සිලින්ඩරයේ ගෑස් කිලෝ එකකින් රුපියල් 32.52 ක පාඩුවක් පාරිභෝගිකයාට සිදුවනු ලබයි. ගෑස් සිලින්ඩරයකින් පාරිභෝගිකයාගෙන් ගසා කන මුදල රුපියල් 406.50 කි. මේ අනුව පෙනී යන්නේ ලිට්රෝ ගෑස් සමාගම මෙරට පාරිභෝගිකයින් ගොනාට අන්දවමින් හා වලංගු නීති උල්ලංඝණය කරමින් කටයුතු කරනු ලබන් බවයි.

ඔවුන් පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට උත්සහ කරන්නේ මෙම ගෑස් සිලින්ඩරයේ ඇත්තේ වෙනස් ආකාරයක ගෑස් බවයි.නමුත් ලිට්රෝ ගෑස් සමාගමේ තාක්ෂණික නිළධාරීන් අප වෙත පැවැසූවේ මිලෙහි ඇති ප්‍රශ්ණය නිසා මෙසේ කරන අතර ගෑස් වල කිසිදු වෙනසක් නොමැති බවයි.

ගෑස් මිල වැඩි කිරීම සදහා කිහිපවරක්ම ලිට්රෝ ගෑස් සමාගම උත්සහ කළ අතර ඒ සදහා රජයේ අවසරය හිමි නොවීය. එම නිසා මේ ආකාරයට පාරිභෝගිකයා ඇන්දවා තම ලාභය වැඩි කර ගැනීම සදහා කටයුතු කර ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements