Featured News

Video Gossip

Advertisement


කොළඹ වරාය නගරය නිරීක්ෂණය කිරීම සඳහා චීන තානාපති කාර්යාලයෙන් අවසර ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා සඳහන් කරයි.

කොළඹ වරාය නගරය බැලීම සදහා තමන් ගිය අවස්ථාවේ ඊට අවසර නොලැබුනු බවද පැවසූ මන්ත්‍රීවරයා චීන තානාපති කාර්යාලයෙන් අවසර ලබාගෙන එන ලෙස දැනුම් දුන් බවද පැවසීය.

මන්ත්‍රීවරයෙක් ලෙස තමනට ලංකාවේ ඕනෑම තැනකට යාමට අවසර ඇතත් වරාය නගරයේ බැලීමට අවසර නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වරාය නගරයේ සියල්ල සිදු වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් බවත් නීති හදන්නේ ශ්‍රී ලංකා රජය බවත් ශ්‍රී ආණ්ඩුවේ ප‍්‍රකාශ සත්‍ය නම් වරාය නගරය බැලීමට චීන තානාපතිගෙන අවසර ලබාගත යුත්තේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයා.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රි හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ චීන තානාපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා වරාය නගරය නිරීක්‍ෂණ චාරිකාවක් සූදානම් කර ඇති බවයි.

එසේ සිදු කිරීමට චීන තානාපතිවරයාට වරාය නගරයේ ඇති බලය කුමක්දැයි ඔහු විමසීය.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hotPort City

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements