Featured News

Video Gossip

Advertisement


වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කරයි.

පුවත්පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පල කරයි.

ආහාර ද්‍රව්‍යවල තිබෙන ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අඩුයි කියන්නේ එය බිංදුව දක්වා අඩු කරන්න බැරිද?

එහෙම කරන්න පුළුවන්කමක් නැහැ‍. ඇෆ්ලටොක්සීන් ශරීරයට අහිතකර වන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා අඩුවෙන් තිබෙන ආහාර පමණයි අපි අලෙවිය සඳහා අවසර ලබා දෙන්නේ, නමුත් පොල්තෙල් ගෙදරම හදාගන්නවා නම් පමණක් ඇෆ්ලටොක්සීන් බිංදුව දක්වා අඩුකර ගන්න පුළුවන්.

වෙළෙඳපොළ තුළ පිළිකා කාරක ද්‍රව්‍ය අන්තර්ගත භාණ්ඩ අ‍ලෙවි වූ බව දැන ගත්තත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න කටයුතු කළේ නැහැ නේද?

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා‍. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ‍ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒක වළක්වන්න බැහැ.

නමුත් ජනතාව දැනුවත් නොකිරීම තුළ ඔවුන් නොදැනීම වස පොඩ්ඩක් කැවෙනවා නේද?

කොහොමත් ඇතැම් ආහාරවල ඇෆ්ලටොක්සීන් පිළිකා කාරයක අන්තර්ගත වෙනවා. ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමාණයන් හෝ ඊට වඩා අඩුවෙන්. කොහොම නමුත් අපි වෙළෙඳපොළ ආහාර ද්‍රව්‍ය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. ඒවායේ විස කාරකයක් අන්තර්ගත නම් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න වහාම කටයුතු කරනවා. ඇෆ්ලටොක්සීන් අනුමත ප්‍රමාණයන්ටත් වඩාත් බොහෝම අඩුවෙන් තමයි අපේ ආහාරවල තියෙන්නේ. මොකද එය බිංදුව දක්වා අඩුකරන ගන්න වෙළෙඳපොළ තුළ හැකියාවක් නැහැ. මම ඒකයි මුලිනුත් කීවේ එය බිංදුව දක්වා අඩුකර ගන්න නම් ගෙදර පොල්තෙල් හිඳගන්න කියලා‍.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ කමිටුව ආයතන කීපයක් නියෝජන කරනවා. ඔබ ඒකකය නිසි ලෙස ක්‍රියා කළත් අනෙකුත් ආයතන මහජනයාගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීම සඳහා ආහාර බලධරයා ලෙස කටයුතු කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකියාවක් නැතිද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර කමිටුව ආයතන ගණනාවක් නියෝජනය කරනවා. ඒ සියලුම ආයතන සහයෝගයෙන් කටයුතු කරනවා, කොහොම නමුත් මේ ආයතන අපි දැනුවත් කළාට පසුව ඔවුන් ක්‍රියාත්මක වූ බවට අපිට වාර්තාවන් ඉදිරිපත් කරනවා. මෙම ආයතන සම්බන්ධයෙන් සොයා බලා නීතිමය කටයුතු කිරීමේ හැකිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමක් කළයුතු වෙනවා.


සංවාදය අරුණ පුවත්පත
සටහන – ශ්‍රියානි විජේසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements