Advertisement


පිළිකා රෝගකාරක අඩංගු පොල්තෙල් ජාවාරම්කරුවන්ට මෙම ජාවාරම කරගෙන යෑම සඳහා සහාය දුන් පුද්ගලයන් සියලූ දෙනාගේම තොරතුරු අනාවරණය කර ගැනීමට අදාළ පරික්‍ෂණ කණ්ඩායම් දැනටමත් ක‍්‍රියාකරගෙන යන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා  (31 දා) ප‍්‍රකාශ කළේය.
ඒ අනුව මෙම විෂ සහිත පොල්තෙල් මුලින්ම ශ‍්‍රී ලංකාවට ගෙන්වූ වකවානුව නිල වශයෙන් අනාවරණය විය හැකි බවද මෙම මහා අපරාධයට සම්බන්ධ කිසිවකුට නීතියෙන් ගැලවීයාමට ඉඩ නොදෙන බවද හෙතෙම පැවසීය.

ඇතැම් පිරිස් රටේ ඇතිවන මෙවැනි ප‍්‍රශ්නවලින් පවා දේශපාලන වාසි ලබා ගැනීමට ක‍්‍රියා කිරීමේ සාධාරණයක් නැතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.

මෙම පොල්තෙල් පරිභෝජනයට සුදුසු නැති බව නිගමනය කර මුලින්ම වරද පෙන්වා දුන් නිලධාරීන්ට අගමැතිවරයා පැසසුම් කළේය.

නෝමන් පලිහවඩන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements