Featured News

Video Gossip

Advertisement


''සැබෑ දේශප්‍රේමියෙකු වෙනවා ද නැතිනම් තම වාසියට පමණක් දේශප්‍රේමීත්වය විකුණාගෙන කනවා ද'' යන තීන්දුව පිළිබඳ සලකා බැලිය යුතු බව හිටපු ඇමැති මංගල සමරවීර පවසයි.

තමාව දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසුවත් තමා සිදු කළේ, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරමින් විදේශ රටවල් සමග සුහද රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ඇතිකර ගැනීම බව ද ඊයේ (මාර්තු 31දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.
යහපාලන ආණ්ඩු සමයේ ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා රටවල් බොහෝමයක් සිටි අතර, වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා එම විදේශ රටවල සහයෝගය අහිමි වී තිබෙන බවද ඔහු සඳහන් කළේ ය.

'දේශද්‍රෝහියා' යැයි තමාට කරන චෝදනාවලට තම හිත පෑරී ඇතැයි ද අනාගතයේදී සැබැවින් ම දේශද්‍රෝහීන් කවුරුන් ද යන්න දැනගත හැකි බව ද හෙතෙම පවසයි.

2015 ඉකුත් යහපාලන ආණ්ඩුව මේ රට භාර ගන්නා අවස්ථාවේදී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට සහායට සිටියේ රටවල් 12ක් පමණක් යැයි පැවැසූ හිටපු ඇමතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ යහපාලන සමයේ තමන් ක්‍රියා කළේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට ඇති සහාය වඩා ශක්තිමත් සබඳතාවක් බවට පත් කර ගැනීමට බවය. නමුත් ඒ සියලු උත්සාහයන් නිෂ්ඵල වී ඇතැයි පසුගිය ජිනීවා සමුළුවේදී රටවල් අඩු සංඛ්‍යාවක් ලංකාව වෙනුවෙන් හඬ නැඟීම තුළ පැහැදිලි වෙනවා යැයි ද හෙතෙම පවසයි.

ලංකාවට කිසිදු අයුරකින් තනිවම ජීවත් විය නොහැකි නිසා මේ දිනවල ජාත්‍යන්තරය සමඟ සිදුකරන ගනුදෙනු වඩාත් පරිස්සමෙන් රාජ්‍ය තාන්ත්‍රික අයුරින් සිදු කළ යුතු බවද ඔහු පවසයි.

අපේ රටට ඇඟිල්ල දිගු කරන සෑම රටක්ම හතුරන් සේ සැලකීම නොකළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2015 වසරේදී සම අනුග්‍රාහකත්වය දැක්වූ ජිනීවා යෝජනා සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි බව පැවැසුවද එම යෝජනා සකස් කෙරුණේද ඔහුගේ අදහස් සහිතව බවද හිටපු ඇමැති මංගල සමරවීර පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements