Featured News

Video Gossip

Advertisement


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වසර දහයකට අධික කාලයක් තිස්සේ බලපත් රහිත පිස්තෝලයක් භාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තලංගම පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් පතා තිබේ.
මන්ත්‍රීවරයා තම ආරක්ෂාවට ගිනි අවියක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව 2009 වසරේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු අවසර පතක් ලබාදී ඇත්තේ වසරක කාලයක් එම අවසරපතට දීර්ඝ කිරීමක්ද සමගින්ය.

ඒ අනුව පාඨලී චම්පික මන්ත්‍රීවරයා යුද හමුදා අවි ගබඩාවෙන් එම පිස්තෝලය රුපියල් දෙදහසක් වැනි මුදලකට ලබාගෙන ඇති බවට කරුණු හෙළිවී තිබේ. එහෙත් එම අවසර කාලය ඉක්මවීමෙන් පසු ගිනි අවියට බලපතක් ලබාගෙන නැත.

පසුව 2019 වසරේ අගභාගයේදී තලංගම පොලිසියට ගිනි අවියට අවසර පතක් ලබා ගැනීමට මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර ඇතත් එය ලබා නොදුන් හෙයින් 2020 වසරෙහි ජනවාරි මස ගිනි අවිය තලංගම පොලිසිය වෙත භාරදී තිබේ. තලංගම පොලිසිය මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයද දැනුවත් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දන්වා ඇත්තේ අමාත්‍යාංශය මේ පිළිබඳව දැනුවත් නොමැති බවයි. චෝදනාවට ලක්වන මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට දන්වා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව තලංගම පොලිසිය ප්‍රකාශ කරයි.

– aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements