Featured News

Video Gossip

Advertisement


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට සැලසුම් කර එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

ඒ අනුව පක්‍ෂය ශක්තිමත් කිරීම සඳහා දැනටමත් ගම් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා නව සන්ධානයක් බිහි කිරීමට සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් මෙම නව සන්ධානය සඳහා දැනට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ කිහිපයක් එක් වනු ඇති බවත් සඳහන්ය.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් නිල නොවන අයුරින් සාකච්ඡා පැවැත්වෙන බව සති අන්ත පුවත් පතක් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රබලයෙකු සඳහන් කර තිබේ.

වර්තමාන ආණ්ඩුව බිහි කිරීමේදී ආණ්ඩුව සමග ඇතිකරගත් එකගතා මූලික කරගනිමින් මෙම නව සන්ධානය ගැනද සාකච්ඡා පවත්වන බව ද ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ නායක හමුවෙන් පසුව බවද ඔහු පවසා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements