Featured News

Video Gossip

Advertisement


පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල ලබාදීම මූල්‍ය පහසුකම් සලසාදීම ඇතුළු චෝදනා රැුසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (24 වැනිදා) අලූයම අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මාස තුනක කාලයක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරය ලබාගෙන ඇත.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් රිෂාඞ් බදියුදීන්ගෙන් සහ රියාජ් බදියුදීන්ගෙන් පෙරේදා (24දා) උදෑසන සිට දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසට ගොස් තිබුණේ පෙරේදා අලූයම 2.30 ට පමණය.

තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මහතා දැඩි විරෝධය පළකර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තමන් කිසිම අපරාධයකට සම්බන්ධ නැති බවත් තම දෑත් පිරිසිදු බවත්ය. අල්ලා දෙවියන් උඹලා ගැන බලාගනීවි යැයිද මෙහිදී රිෂාඞ් බදියුදීන් කියා සිටියේය.

එහිදී රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මේ නිලධාරීන් ඔහු එම දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත රැුගෙන යන ලදී.

රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කථානායකවරයාටද දැනුම්දීමක් කර තිබූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර පෙරේදා (24දා) අලූයම වැල්ලවත්තේ පිහිටි රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරාවූ රියාජ් බදියුදීන්ගේ නිවස වැටලූහ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුද සිය භාරයට ගෙන තිබිණි.

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් පාස්කු ප‍්‍රහාරයේ ස්වයංඝාතකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන්ට මූල්‍ය පහසුකම් මෙන්ම විවිධ ආධාර උපකාර ලබාදුන් බවට බරපතළ චෝදනා එල්ලවී තිබිණි.

මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්ද පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන් සමඟ දුරකථන සම්බන්ධතා පවත්වමින් ඔවුන් සමඟ සමීපව කටයුතු කර ඇති බව විමර්ශන වලින් අනාවරණය විය.

රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මීට පෙරද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර තිබිණි.

එමෙන්ම රියාජ් බදියුදීන් නැමැත්තාද පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් වසරේදී අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කර තිබිණි. පසුව මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් රියාජ් බදියුදීන්ට එරෙහිව සාක්‍ෂි නොමැති බව කියමින් ඔහු මුදා හැරීමට කටයුතු කරන ලදී.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ මොවුන්ට එරෙහිව සිදුකළ දුරකථන සංවාද බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම් මුදල් ගනුදෙනු, චෙක්පත් ගනුදෙනු ඇතුළු තවත් සම්බන්ධතා පිළිබඳව සිදුකළ දීර්ඝ පරීක්‍ෂණයකින් පසුව මොවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.

සැකකරුවන් දෙදෙනා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බවත් අවශ්‍ය වුවහොත් දින 90 ක කාලයක් මොවුන් රඳවා තබාගැනීමට හැකි බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 702 දෙනකු අත්අඩංගුවට ගෙන සිටින බවත් ඉන් 202 දෙනකු රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 83 දෙනෙකු මේ වනවිට රඳවා තබාගැනීමේ නියෝග මත තබාගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements