Advertisement


පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල ලබාදීම මූල්‍ය පහසුකම් සලසාදීම ඇතුළු චෝදනා රැුසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (24 වැනිදා) අලූයම අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මාස තුනක කාලයක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරය ලබාගෙන ඇත.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් රිෂාඞ් බදියුදීන්ගෙන් සහ රියාජ් බදියුදීන්ගෙන් පෙරේදා (24දා) උදෑසන සිට දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය.

එළැඹෙන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මීගමුවේ පිහිටි පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන්ගේ විශේදන මෂ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට රැකවරණය දුන් නිවාසයේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත‍්‍රීවරයා දෙහිවල නගර සභාව ඉදිරිපිට සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටියදී අද අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා භාවිතා කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ජීප් රථයක් පොලිසිය විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් රථ වල තිබී ස්වංක්‍රිය පිස්තෝල දෙකක් උණ්ඩ හතළිස් අටක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුවට සහාය දිය යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් බලපෑම එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

මෑතකදී පැවති එම පක්‍ෂ නායක හමුවකදී නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති නසීර් අහමඩ් විසින් මෙම තීරණය තදින්ම දැනුම්දී තිබේ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අනිවාර්යයෙන්ම තමන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇතැයි හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා තම දේශපාලන ආධාරකරුවන් සමග සඳහන් කර තිබේ.

මේ වන විටත් ඔහු ඒ සඳහා වන පෙර සූදානම් කටයුතු සිදුකරමින් ඇතැයි මන්නාරම දිස්ත්‍රික්කයේ දේශපාලන ‍ක‍්‍රියාකාරීන් සඳහන් කරති.
රිෂාඩ් බදුර්දින් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා වන රිෆ්කාන් බදුර්දීන් ලබන පෙබරවාරි 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව වාර්තා වනවා.

රජයේ හිතවතුන් ගණනාවක් මුණගැසී ඇති ඔහු බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි වහාම සාකච්ඡා කිරීමට සුදානම් වනවා.
ඉතාම දුරදීම තමන් අත්අඩංගුවට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්කර ඇත.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්විමට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ චෝදනාවට ලක්වනබොහෝ දෙනෙක්ගේ වත්කම් බැරකම් තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ළග බවයි. 

"මේ වෙද්දි පොලීසිය මගින් රිෂාඩ් බදියුදින් ඇමැතිවරයා ප්‍රශ්න කර අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. එවැනි ක්‍රියාදාමයකින් පමණයි සැකසහිත කාරණයක් තියෙනවා නම් රැදවුම් නියෝගයක්, බැංකු ගිණුම් විමර්ශනය කිරීමේ නියෝගයක් ගැනීමේ හැකියාව තියෙන්නේ. රිෂාඞ් බදියුදින් ඇමැතිවරයා සහ එතුමාට අයත් මුදල්, හිතමිත්‍රයින්ගේ ගිණුම්වල, ඥාතීන්ගේ ගිණුම්වල තියෙන මුදල් විශාල ප්‍රමාණයක් ආපසු මෙරටින් පිටමං කිරීම හෝ තැන්පත් මුදල් නැවත ගැනීමක් සිදුවෙනවා.

දරුවෙක් විදේශයේ පාසලකට යැව්වාම මුදල් යවන්න මහ බැංකුවෙන් අවසරය ගන්න විශාල කාලයක් ගත වෙනවා. මහ බැංකු අධිපතිවරයා සහ නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අසාමාන්‍ය ලෙස මුදල් ඇති සියලු බැංකු ගිණුම් අත් හිටුවන්න. ඒ මුදල්වලින් කිසිදු මුදලක් දේශිය වශයෙන් බැහැර කරන්න හෝ ආපසු යවන්න හෝ ඉඩක් තියන්න එපා. මේ හරහා අපිට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධය හොයා ගන්න පුළුවන්. 

මොහොමඞ් සාෆි එජාපය යටතේ පසුගිය මැතිවරණයට තරඟ කළා. එජාප පෙරමුණෙන් තරග කළ මොහොමඞ් සාෆිගේ වත්කම් බැරකම් ප්‍රකාශය තියෙනවා. වත්කම් බැරකම් හොයන්න අධිකරණ තින්දුවක් ගත්තා නම් අසාමාන්‍ය ලෙස මොහොමඞ් සාෆි ගේ ගිණුමට ආපු මුදල් මොනවාද හොයා ගන්න පුළුවන්.

අලවුදීන් කියන්නේ රිෂාඞ් බදියුදීන්ගේ මාමණ්ඩි නම් ඒ මාමණ්ඩිගේ වත්කම් බැරකම් මොනවාද? මොහොමඞ් ඊබ්‍රාහිම් කුලුබඩු ව්‍යාපාරිකයා කියන මරාගෙන මැරුණු බෝම්බකරුවෝ දෙන්නෙක්ගේ පියා ජේ. වී. පී යෙන් මැතිවරණයට ආපු නිසා ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයත් මැතිවරණ කොමසාරිස්තුමා ළග තියෙනවා. මේවා ගන්න නම් රහස් පොලිස් දෙපාර්තමේන්තුව, පොලීසිය හෝ ත්‍රස්ත විමර්ශන ඒකකය කඩිනම් පරීක්ෂණ කරන්න ඕනේ.

තේරිම් කාරක සභාවක් දාගෙන කල් මැරීමක් කරන්නේ. මේ රංගනයට මුවා වෙලා ත්‍රස්ත ක්‍රියාකාරිකයින්ට ආපු මුදල් මේ රටෙන් පිටවයන්න කිසිම වෙලාවක ඉඩක් තියන්න එපා කියලා මහ බැංකු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට සාමාන්‍ය මුදලක් පිටරටකට යවන්නත් නීති රිතී තියෙනවා. විදේශයෙන් අසාමාන්‍ය ලෙස මෙරටට මුදල් ආවා කියලාත් කතාවක් තියෙනවා. අපේ ආයතනයකින් කුඩා මුදලක් මෙරටට ආවාත් ප්‍රශ්න කරනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් හා රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙතරම් මුදලක් මෙරටට එද්දිත් නිශ්ශබ්ද වුණේ ඇයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements