බිස්කට් සහ බේකරි නිෂ්පාදනවලට පාම් ඔයිල් ආනයනය බලපත්‍රය තහනම් වෙන්නෙ නෑ - එයට ඉඩ දීම සමූල ඝාතනයක් නෙවෙයි ද? : GMOA
GMOA
,
gossip
,
gossip lanka
,
gossipmain
,
News
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පාම් ඔයිල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට නියෝග කර ඇතත්, බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට පාම් ඔයිල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දෙන බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට දැඩි විරෝධතා එල්ල වෙමින් පවතී.
ඇතැමුන් චෝදනා කරන්නේ, පාම් ඔයිල් පිළිකාකාරකයක් නම් බිස්කට් සම බේකරි නිෂ්පාදන සඳහා පාම් ඔයිල් භාවිතයට ඉඩ දෙන්නේ කුමන පදනමක් මත ද යනුවෙනි.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, බිස්කට් සහ කේක් වැනි නිෂ්පාදනවල පාම් ඔයිල් අඩංගු වන බවය.
මෙය දැන දැන වස කැවීමක් බවත්, මෙය සමූල ඝාතනයක් වන බවත් එම සංගමයේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"පාම් ඔයිල් කියන්නෙ තනිකර ම විසක්. පිළිකාකාරකයක්. නතර කරන්න බෑ. මිනිස්සු මැරිල හරි කමක් නෑ ව්‍යාපාර රැකුණොත්. තෙල් ටික අරන් බැදල කන ආහාර විතරක් නෙවෙයි පාම් ඔයිල් තියෙන්නෙ. ඔබ බලන්න ඔබ ගන්න බිස්කට් පැකට් එකේ බලන්න. ඔබ ගන්න කේක් එකේ බලන්න. ඔය මෝල්ට් කියල විකුණන කිරි පැකට් එකේ බලන්න මොනව ද තියෙන්නේ කියලා. පාම් ඔයිල් තියෙන්නෙ. අපිට මේ කවන්නෙ වස නෙවෙයි ද? ඉතින් අපිට පිළිකා හැදිල මැරෙන එක අහන්න දෙයක්යැ. දවසට 78ක් වාර්තා වෙන්නෙ පරීක්ෂා කරපු පිළිකා රෝගීන්. හොයා ගන්න බැරි තව දාහක් ඇති සමාජය තුළ. මේක සමූල ඝාතනයක් නෙවෙයි ද කියන්නකො. වහ ටිකක් ආවට කමක් නෑ කියල ප්‍රමිති ආයතනයේ ලොක්ක කියනවා නම් මේ රටේ මිනිස්සුන්ට මොන සරණක් ද? දණ්ඩ නීති සංග්‍රහයට අනුව රටේ මිනිස්සුන්ට වස කවන්න බෑ කාටවත්. මේ මිනිස්සු දැන දැන කවනව වස. ඒ කියන්නෙ මේ රටේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය මේ බිඳ වට්ටන්නෙ, කිසිදු ලැජ්ජාවක් නැතුව සල්ලි වෙනුවෙන්."

