Advertisement

අන්තර්ජාලයෙන් සැප දෙන්න ගිය විධායක නිලධාරියා කොටුවුන හැටි

මුහුණු පොත මගින් ආරාධනා කර විවාහක කාන්තාවන් සහ පිරිමින් වරදට පොළඹවා ගැනීම සහ අයාලේ යාමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි 45 හැවිරිදි විවාහකයෙකු ලක්‍ෂ හතරක පුද්ගල ඇප මත මුදාහරින ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය 6 දින නියෝග කළාය.

මෙසේ ඇප පිට මුදා හරිනු ලැබුවේ මීගමුවේ පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු බව කියන කුලියාපිටියේ පදිංචි පුද්ගලයෙකි.

ස්වාමි පුරුෂයාගෙන් ලිංගික තෘප්තිය නොලැබෙන විවාහක කාන්තාවන්ට සහ සමලිංගික සේවනයට කැමති විවාහක පිරිමින්ට ලිංගික තෘප්තිය ලබා දෙන බවට මුහුණු පොතේ පළවී තිබූ දැන්වීමක් පිළිබඳව මීගමුව පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව මීගමුව කොට්ඨාසයේ අපරාධ විමර්ශන කාර්ය අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු කුරණදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහු අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් කළ පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා මුහුණු පොතේ පළවී තිබූ සැකකරුගේ දුරකතන අංකයට අමතා ඇති ඔහුගේ සේවය ලබා ගැනීම සඳහා හමුවීමට අවශ්‍ය බව දනවා ඇත.

කොළඹ හලාවත පාරේ කුරණ පිහිටි හෝටලයක් අසලදී මුණ ගැසීමට සැකකරු යෝජනා කර ඇති අතර විවාහක යුවළක් ලෙස සැරසී පොලිස් නිලධාරියෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියක සැකකරු සඳහන් කළ වේලාවට හෝටලය අසලට ගොස් ඇත.

පොරොන්දු වූ පරිදි සැකකරු නියමිත වෙලාවට යුවළ හමුවීමට පැමිණ තිබේ. මේ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තමන් මුහුණු පොතේ පළ කළ දුරකතන අංකයට කතා කර තමන්ගේ සේවය ඉල්ලා සිටි අය සමග ඒ අයගේ නිවෙස්වලදී ම ඒ අයගේ කැමැත්ත මත ලිංගික ක්‍රියාකරකම්වල යෙදුණු බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි.
GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements