Featured News

Video Gossip

Advertisement

කොවිඩ් වසංගතයට ඇති අවසන් විසඳුම ගැන ජනාධිපති කී දේ

ජනතාවට එන්නත ලබා දීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතු බවත් කොවිඩ්-19 උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, වසංගතය පැතිර ගිය පළමු වටයේ සිදු කළා මෙන් සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති නීති රීති හා උපදෙස් ජනතාව අකුරට ම පිළිපැදිය යුතු බව ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති සහ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් 4ක් ම මෙරටට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

එහි තවදුරටත් සඳහන් වන්නේ, රුසියාවේ නිෂ්පාදිත Sputnik-V එන්නත් මාත්‍රා 200,000ක් මෙම මස අවසානයේදීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජුනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජුලි මාසයේදීත් මෙරටට ගෙන්වා ගනු ලබන බව ය.

Covishield එන්නතෙහි දෙවන මාත්‍රාව මැයි මස මුල සිට ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු 356,000ක් දෙනාට ලබා දීමට නියමිත අතර ඉතිරි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා එම එන්නත නිපදවන ලොව සෙසු ආයතන සමග රජය දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි.

තව ද ජනාධිපතිවරයා පවසන්නේ, මෙරටට චීනයෙන් පරිත්‍යාග කළ Sinopharm එන්නත් මාත්‍රා 600,000 එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු පසු මෙරට ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

Pfizer එන්නත මෙරටට ගෙන්වීම සඳහා මූලික ගිවිසුම් මේ වන විට අත්සන් කර ඇති අතර හැකි ඉක්මනින් එම එන්නත ද මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

මීට අමතරව පවතින තත්ත්වය හමුවේ රට වසා දැමිය යුතුය යන මතය පිළිබඳව ද ජනාධිපතිවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඊට අනුව, රටක් වසා දැමීම වැනි ක්‍රියාමාර්ගයකින් ආරම්භක අවස්ථාවේ සතුටුදායක ප්‍රතිඵල අත්වුව ද එය දිගු කාලීනව ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරන බව සඳහන් ය.

එම නිසා ජනතාව රටේත් තමාගේත් සුබ සිද්ධියත් උදෙසා ස්වකීය වගකීම සහ යුතුකම ඉටු කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි. GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements