Advertisement

දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් 
14 ක් රෝහ​ලේ 
 කොටසක් එහේත් නැවතිලා 

දින විස්සක දඹදිව වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසක් අතර කොරෝනා හා සමාන හඳුනාගත නොහැකි නිව්මෝනියා තත්ත්වයක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් දැනට පුද්ගලයින් 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇත. 

මෙම රෝගීන් අතරින් එක් අයෙකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා හේතුවෙන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් රෝහලේ උසස් නිලධාරියෙකුගෙන් කරන ලද විමසීමකදී ඔහු පැවසුවේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් හඳුනා නොගත් නිමෝනියා තත්ත්වයකින් පෙළෙන බවයි. විශේෂයෙන්ම මෙම රෝගීන්ට වැළඳී ඇත්තේ දැනට ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වෛරසයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ එම්.ආර්.අයි පර්යේෂණාගාර වෙත යවා ඇති බවද ඔහු අවධාරණය කළේය. උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ මෙය සාමාන්‍ය රෝගී තත්ත්වයක් ද එසේ නැතිනම් විශේෂ රෝගී තත්ත්වයක් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවත්, සාම්පලවල ප්‍රතිඵල ලැබීමට දින කීපයක් ගතවන බවත් ය.

බස්නාහිර පළාත් 20+ පුරවැසියන්ට සයිනොෆාම් එන්නත ලබාගැනීමට මාර්ගගත සහ SMS පහසුකම්

බස්නාහිර පළාත් ( කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල) වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් Sinopharm එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත හා කෙටි පණිවුඩ SMSමගින් සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. බස්නාහිර පළාත් 20-30 අතර ජනතාව මෙම එන්නටත ලබාගැනීමට සුදුසුකම් ලබන අතර ගම්පහ සහ කළුතර දිස්තික්වල 20+ සියලුදෙනාම එසදහා සුදුසුකම් ලබයි. එන්නත් ලබාදීම මේවනවිට ආරම්භකරතිබේ. සුදුසුකම්ලත් පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ SMS මගින් ලියාපදිංචි වියහැකියි ය. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය , (ICTA), කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන (NOCPCO), බස්නාහිර පළාත්සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිසන්දේශ නියාමන කොමිෂන් සභාව (TRC) සහ ජංගම දුරකථන සේවාවන් සමග එක්ව මෙය කිරියාවට නගයි.

අද (12) දින තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 619 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් ද සමඟ අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 3039 දක්වා ඉහළ යයි. ඒ සමගම මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 345118 දක්වා ඉහළ නගී.
ප්‍රවේසම් නොවුනොත් අපි ඔක්කොම අමාරුවේ

ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තවත් සති 10ක විතර කාලයක් තුළ මෙරට පැතිර යන ප්‍රධානතම කොරෝනාවෛරස ප්‍රභේදය වන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට විශේශ්ග්නවරුන් පෙන්වා දී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥවරුන් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනතුරු අඟවයි.

අද (ජූනි 29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

එමෙන් ම, ඇල්ෆා ප්‍රභේදය හේතුවෙන් වැඩි වශයෙන් මිය යන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවත් ඒ හේතුවෙන් එන්නත්කරණයේදී ඔවුන්ට ප්‍රමුඛතාව දීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරිය එහිදී පැවසුවා ය.
කොරෝනා නිව්මෝනියා රෝගීන් වැඩිවීමට හේතු හෙළිවේ

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බහුල වශයෙන් මිය යෑමට හේතුව නිවෙස් තුළ රෝගී සත්කාර සේවාවේ අසාර්ථකභාවය මත අවශ්‍ය ප‍්‍රතිකාර නිසි වේලාවට නොලැබීම යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මේ හේතුවෙන් කොවිඞ් නිවුමෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම මත රෝගීන් නිවෙස් තුළ, මහමග සහ රෝහල් වලට ඇතුළත් කිරීමෙන් පසු සුළු කාලයකින් මිය ගොස් ඇති බවද එම සංගමය පවසයි .

මෙම වැඩපිළිවෙළේ අසාර්ථක භාවය හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා යෑම, සංකූලතා ඇති රෝගීන් මගහැරීම ඇතුළු ගැටලූ රැසක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
කොවිඩ් වසංගතයට ඇති අවසන් විසඳුම ගැන ජනාධිපති කී දේ

ජනතාවට එන්නත ලබා දීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතු බවත් කොවිඩ්-19 උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, වසංගතය පැතිර ගිය පළමු වටයේ සිදු කළා මෙන් සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති නීති රීති හා උපදෙස් ජනතාව අකුරට ම පිළිපැදිය යුතු බව ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති සහ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් 4ක් ම මෙරටට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

බලන්ගොඩ කිවුල වෙල ප්‍රදේශයේ තිබුණ මළ ගෙදරකට පැමිණි පුද්ගලයකුට කොරෝනා වෛරස අාසාදනය මිය යැමෙි සිද්ධියක් හේතුවෙන් බලන්ගොඩ රාස්සගල මාර්ගයේ කිවුල වෙල ප්‍රදේශයේ පවුල් 10 සාමාජිකයින් 40 දෙනෙකු ඊයේ (03) ස්වයං නිරෝධායනයට යොමු කල බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල පවසයි.
කොටුව පොලිසියේ 162යි
බොරැල්ල 107යි
කෙසෙල්වත්ත 76යි

ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසනවා.

අත්තනගල්ල කොට්ඨාසයේ 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව වී ඇති බව තහවුරු වී ඇතැයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
ජනතාව උපදෙස් නිසි පරිදි පිළි පදින්නෙ නෑ
කොරෝනා පාලනයට බාධාවක්


ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

කොරෝනා වයිරසය ශරීරගත වී ඇතැයි සැක කරන දරුවන් 29ක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

තවත් දරුවන් කිහිප දෙනෙකුම මෙරට පිහිටි විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන බවද වෛද්‍යවරු පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements