Featured News

Video Gossip

Advertisement


පාර්ලිමේන්තුව තුල යම් යම් ගැටුම්කාරී සිදුවීම් මේදිනවල ජනතාවට මාධ්‍යතුලින් දක්නට ලැබේ.

නමුත් එම එලිපිට දක්නට ඇති ගැටුම්වලට වඩා පක්ෂ විපක්ෂ දෙපාර්ෂවයේම යම් යම් දෙදරීම් පිලිබද යම්යම් නිල නොලත් වාර්තා ගොසිප්99 වෙත වාර්තාවෙයි.

අප වෙත වාර්තාවන නවතම ආරංචිය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉවත්වීමට යන බවයි.

ඒ කිසිවෙකුගේ බලපෑමකට නොවන බවද වාර්තාවන අතර මෙය මීට මාස කිහිපයකට ඉහතදී සමීපතමයින් පමණක් දැන සිටි කාරනාවක් බවත්, මේ වන විට එය ප්‍රාදේශීය දේශපාලන නායකයින් අතර පවා යම් කසු කුසුවක් නිර්මාණය කිරීමට තරම් එය ප්‍රභල වී ඇත.

ඊට හේතුව වශයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් එක් කරන අතර, ප්‍රධානතම හේතුව වශයෙන් දැක්වෙන්නේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයා සතුව තිබූ බලතල අහිමිවීමත් සමග තීරන තීන්දු ගැනීමට නොහැකිවීම තුලින් රාජ්‍ය පාලනය අකාර්යක්ෂම වී ඇති බවත්, තිස්වසරක් පැවති යුද්ධය නිමා කල ඔහුගේ නාමයට එය යම් කැකැළලක් ඇතිවිය හැකි නිසාවෙන් යැයි පැවසෙයි.

විමල්, ගමමන්පිල ගැලවී උවිදු එක්ව නව ගමනක

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන පරිදි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් එලෙස ඉවත් වූහෝ උදය ගම්මන්පිල , විමල් වීරවංශ ඇතුලු කණ්ඩායමක් ජවිපෙ නිර්මාතෘ රෝහන විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර සමග නව පක්ෂයක් පිහිටුවා එක්ව වැඩකටයුතු කිරීමට සැලසුම් සකස්කොට ඇති බවයි. ඒ සදහා වර්තමාන පක්ෂ විපක්ෂ පිරිසක් එකතුවීමට කැමැත්ත ප්‍රකාශ ඇතිබවද වාර්තා වෙයි.

එහි ජනාධිපති අපේක්ෂකයා දැනට විපක්ෂයේ ජවිපෙට සම්බන්දව සිටි පුද්ගලයකු විය හැකි බවත්, නමුත් එම විපක්ෂයේ පුද්ගලයා අපේක්ෂකයා වනවානම් කුඩා පක්ෂ උවිදු විජේවීරගේ වැඩපිළිවෙලට සහයෝගය නොදක්වන බව ප්‍රකාශකර ඇති බවද එම වාර්තවාල තව දුරටත් සදහන් විනි.

කෙසේ නමුත් උවිදුගේ වැඩපිලිවෙලට විදෙස් රටකින් මේ වන විටත් මුදල් ලබාදිමට කැමැත්ත පල කර ඇතිබවද වාර්තාවෙයි.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements