Mrs.Sri Lanka කිරුළ පැලදවූ උළෙලේ සිදුවූ සිදුවීම නාටකයක්? පුෂ්පිකා දේශපාලනයට පැමිණීමේ සුදානමක් | Gossip Story
gossip
,
gossip lanka
,
gossipmain
,
News
පුෂ්පිකා සඳමාලි ද සිල්වා ඊයේ ශ්‍රී ලංකාවේ රූ රැජිණිය ලෙස කිරුළු පැළදු අතර පසු එම කිරුළ ඇයට අහිමි වෙලා ගියා ඒ ඇය විවාහයෙන් දික්කසාද වීම නුසුදුසු කමක් ලෙස දක්වමින්.
2011 වසරේ මිස් ශ්‍රී ලංකා පැළදු අතර එම වර්ෂයේදීම ඇය ලෝක රූ රැජිණ තරගයටද ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වුනු තැනැත්තියකි.ඇය මිස් ශ්‍රී ලංකා හා මිසිස් ශ්‍රී ලංකා බවට පත්වූ එකම කාන්තාව ලෙස වාර්තා ගත කිරුළකට උරුමකම්ද කියා තිබුණා.
එම තරගය අවසානයේ දුන් තීන්දුව මේ වනවිට ගැටළු වලට හේතු වුනු අතර ජ්‍යාත්‍යන්තර තරග සංවිධායකයින් පවා මෙම තීරණ වෙනස ගැන කරුණු විමසා ඇත.
මිට මාස කිහිපයක කලින් පුෂ්පිකා දේශපාලනයට පැමිණීමට සුදානමින් සිටින බව සම්මුඛ සාකච්ඡා හරහා කියා තිබුණා.
” රට වෙනුවෙන් මම වැඩ කරන්න කැමතියි මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් උනු වෙලෙත් කළ සම්මුඛ සාකච්ඡාවේදි මම කිව්වා රූ රැජිණක් වෙනවා වගේම කවදාහරි දේශපාලනයට එන්න කැමැත්තක් තියනවා කියලා.දේශපාලනය කරනවා කියලා ජන්දය ඉල්ලන්නම ඕනේ නෑ.මෙවර ජනාධිපතිවරණයේදීත් ජනාධිපතිතුමා වෙනුවෙන් මම පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරාම විශාල කැම්පේන් එකක් කළා.ගොඩාක් අය දේශපාලනයට එන්න කියලා මගෙන් ඉල්ලුවා.මම පහුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඉදියේ.මම තව අත්දැකීම් ලබලා දේශපාලන ගැන අද්‍යනය කරලා සුදුසු කාලේදී මැතිවරණයට සම්බන්ධ වෙනවා.” යනුවෙනි.
ඒ අනුව මෙය වඩා ප්‍රසිද්දියක් ලබා ගැනීමට පෙර සැලසුම්කල සිදුවීමක් බව සමාජ මාධ්‍ය තුල සදහන් වෙනවා.
පුෂ්පිකා හට නැවත කිරුළ ලබාදෙයි
කෙසේ නමුත් විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරඟාවලිය ජයගත් නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වා හට හෙට (06) දිනයේදී යළිත් එම කිරුළ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මෙම තරඟාවලියේ සංවිධායක චන්දිමාල් ජයසිංහ විසින් ඊට අදාළ පියවර ගෙන ඇති බව සඳහන්.
පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇයගේ ජයග්‍රහණය අවලංගු කළ ද ඇය දික්කසාද වී නොමැති බවයි චන්දිමාල් ප්‍රකාශ කර ඇත්තේ.
ඊයේ රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකාවේ 2020 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණේ එම කිරුළ ජයග්‍රහණය අත්කරගත් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ තත්පර කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙන් ඇයට අහිමිවීමත් සමඟයි.
කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු විවාහක ලෝක රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි වේදිකාවට පිවිස රූ රැජිණ ලෙස අභිසෙස් ලැබූ පුෂ්පිකාගේ කිරුළ ඉවත් කරන බව ප්‍රකාශ කළා.
ඇය සඳහන් කළේ දික්කසාද කාන්තාවකට විවාහක රූ රැජිණ ලෙස කිරුළ දැරිය නොහැකි බව තරඟ කොන්දේසිවල සඳහන් වන බවයි.
ඒ අනුව පුෂ්පිකා හිස මත පැළඳි කිරුළ ගලවා දමන කැරොලයින් ජූරි එය මෙම තරඟයේ අංක 17 යටතේ තරඟකර දෙවන ස්ථානයට පත්වූ ආශ්‍යා බස්නායකට පැළඳ වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.
මේ සම්බන්ධයෙන් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා කියා සිටියේ මාධ්‍ය හමුවක් පවත්වා තමන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බවයි.
