Advertisement

පැහැරගත් කිරුළ පැලදවූ  ආශා බස්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බිරිදක්

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජිණ සංවිධායකයන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් සදහන් කර ඇත්තේ වර්තමාන විවාහක ලෝක රූ රැජිණ වන ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි එම අවස්ථාවේදී හැසිරුණු ආකාරය පිළිබදව තම සංවිධානය කණස්සල්ල පළ කරන බවයි.
එමෙන්ම, සිද්ධිය පිළිබඳ ඇගයීමකින් පසු අවශ්‍ය පියවර ගන්නා බව ද එමගින් අවධාරණය කළා.

එසේම ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා සංවිධායකයින් විසින් විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා නීත්‍යානුකූලව විවාහක කාන්තාවක ඉදිරිපත් කරන්නේ නම් ඇය ඒ සඳහා පිළිගන්නා බවයි.

මේ අතර, විවාහක රූ රැජිණ තරඟයේ කිරුළ දිනා ගත් පුෂ්පිකා ද සිල්වා කුරුඳුවත්ත පොලීසිය වෙත පසුගිය දා සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි අද කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණියා.

මේ අතර වාර්තා වන්නේ ඇය විසින් කිරුළ ගලවා එම කිරුළ පළදවන ලද තරගාවලියේ දෙවැනියා වූ ආශා බස්නායක කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක ගේ විවාහක බිරිද බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements