Featured News

Video Gossip

Advertisement

නම් හරි ම නපුරුයි
නමුත් ඉතින් මම නම් නපුරු නැහැ

“එයා නම් හරි ම නපුරුයි. එයා ඉන්නෙ ම නපුරු චරිතවලට.” 

බොහෝ විට මෙවැනි වචන ප්‍රේක්ෂකයන්ගෙන් අසන්නට ලැබෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

නමුත් ඉතින් තිරය තුළදී අපි දකින නපුරු - සැරපරුෂ කෙනා සැබෑ ජීවිතයේදී ඉතා ම සුහදශීලී, ආදරණීය චරිතයක් විය හැකියි. ඉතින් පසුගිය දා අපටත් එවැනි 

බොහොම ආදරණීය, සුරූපී, තරුණ, දක්ෂ රංගන ශිල්පිනියක මුණගැසුණා. ඇය පියුමි ශ්‍රීනායක. සැබැවින් ම ඇය ඉතා ම මිත්‍රශීලී, ආදරණීය චරිතයක්. මේ දිනවල රසිකයන්ගෙන් වැඩිපුර බැනුම් අහන පියුමිගේ නවතම තොරතුරු දැන කියා ගැනීමට “හදගැස්ම” අපි ඇය සමග පිළිසඳරක යෙදුණා.

කොහොම ද පියුමි ඉතින්?

හොඳින් ඉන්නවා.

මේ දවස්වල වැඩකටයුතු කොයි විදියට ද සිදුවන්නේ?

මේ දවස්වල මම රංගනයෙන් දායක වෙන අහස් මාලිගා සහ නීල පබළු ටෙලි නාට්‍ය දෙක විකාශනය වෙනවා.

අහස් මාලිගා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණු ආකාරය මතක් කළොත්?

ප්‍රභාත් රෝෂණ අයියා අධ්‍යක්ෂණය කරන අහස් මාලිගා ටෙලි නාට්‍යයට මට ආරාධනා කළෙත් ඔහු ම තමයි. එහි මගේ චරිතය නීෂා. 

තමන්ගේ අම්මට ගොඩක් ආදරය කරන කෙනෙක්. 

නමුත් ඇය ටිකක් නපුරු චරිතයක්. උපේක්ෂා ස්වර්ණමාලි අක්කා තමයි මගේ අම්මට ඉන්නේ. කතාවේ හැටියට මගේ අම්මත් නපුරු චරිතයක්.

ඇත්තට ම නීෂා වගේ ඔබත් සෑබෑ ජීවිතයේදී නපුරු කෙනෙක් ද?

ඇත්තට ම නැහැ. මම කරන චරිතත් එක්ක හැමෝ ම හිතනවා මමත් නපුරුයි කියලා. නමුත් ඉතින් මම නම් නපුරු නැහැ.

ඇත්ත ද පියුමි නිතරම ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් අහනවා කියන්නේ?

ඔව්. මොක ද මේ වෙනතුරු මට ලැබිලා තියෙන්නේ නපුරු චරිත ම තමයි. 

ඒ ඇයි කියලා නම් මමත් දන්නේ නැහැ. 

ඇත්තට ම මේකයි ඉතින්, එක පාරක් නපුරු චරිතයක් කළොත් දිගට ම ආරාධනා ලැබෙන්නේ නපුරු චරිතවලට ම තමයි. 

ඒ ලංකාවේ විදිහනේ. නමුත් ඉතින් ඉදිරියේදී නම් වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ආසාවෙන් ඉන්නවා.

'නිල පබළු' ටෙලි නාට්‍යයේ සෙනුරි ගැනත් අපි මතක් කරමු?

උදය ප්‍රියන්ත අයියා තමයි මුලින් ම ලලිත් වසන්ත සර්ව මට හඳුන්වා දුන්නේ. 

ඉතින් ඒ හැඳුනුම්කමක් සමග තමයි නීල පබළු ටෙලි නාට්‍යයට මාව තෝරා ගන්නේ.

නීල පබළු ටෙලි නාට්‍යය තුළදී සෙනුරියි පූජයි හරි ම යාළුයි නේ ද?

ඔව් ඇත්තට ම සෙනුරි පූජා එක්ක එකතු වෙලා “කුරුලු”ට හැම වෙලාවෙ ම නපුරුකම් කරනවා.

ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු ආකාරය කෙටියෙන් කීවොත්?

ඇත්තට ම මම නිරූපිකාවක් විදියට තමයි ක්ෂේත්‍රයට ආවේ. 

දැන් නම් පූර්ණ කාලීනව රංගන ක්ෂේත්‍රයේ නියැළී ඉන්නවා.

Music Videoවල වැඩිය පියුමිව පේන්න නැත්තේ ඇයි?

මෙහෙමයි. 

මම ගොඩක් වෙලාවට සන්දේශ් බණ්ඩාර මහතා අධ්‍යක්ෂණය කරන මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙනවා. 

මොක ද ඔහු මියුසික් වීඩියෝ වුණත් හරි ම උසස් මට්ටමින් කරන කෙනෙක්.

කරන්න ආසාවෙන් ඉන්න චරිතයන් ගැන මතක් කළොත්?

ගමක ජීවත් වෙන අහිංසක ගැමි තරුණියකගේ චරිතයක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා.

රංගන ක්ෂේත්‍රය තුළදී ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේ ද?

ගොඩක් ම ප්‍රවීණයොත් එක්ක තමයි මම දිගට ම වැඩ කළේ. එයාලගෙන් මම මුල ඉඳන් ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 

රූපගත කරන සෙට් එකට ඇඳිය යුතු ඇඳුමේ සිට හැසිරෙන ආකාරය සහ විනයගරුකව වැඩ කරන්නේ කොහොම ද කියන දේ පවා ප්‍රවීණයන් අපට කියලා දෙනවා. 

ඒ අතින් ඔවුන්ට මම ගොඩක් ගරු කරනවා. 

රංගන කටයුතු අතරතුර පිටපතේ යම් නොතේරෙන තැනක් ආවොත් අදාළ රංගනය නිවැරදි ආකාරයට කරන විදිහ පවා ඔවුන් එක්ක සාකච්ඡා කරලා මගේ අඩුපාඩු හදාගත්ත අවස්ථා ගොඩක් තිබෙනවා.

චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?

“ගැහැනු” කියලා චිත්‍රපටයක සනත් ගුණතිලක මහතා සමග ප්‍රධාන චරිතයක් කළා.

කොරෝනා ආවත් එක්ක ඒ චිත්‍රපටය තිරගත වෙන එක කල් ගියා. ඉදිරියේදී ප්‍රේක්‍ෂකයන්ට එය දැක බලා ගන්න අවස්ථාව ලැබේවි.

ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?

නාලක විතානගේ මහතාගේ “අක්වැස්ස” කියන ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයක් කරනවා. 

සන්දේශ් බණ්ඩාර මහතාගේ “පිනෝකියෝ” කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයත්, අතුල ජයසිංහ මහතාගේ අලුත් චිත්‍රපටයේත් තිර පිටපත ලැබිලා තියෙනවා.

 කොරෝනා ප්‍රශ්නයත් සමග එහි වැඩ කටයුතු කල් ගියා. ඉතින් ඉදිරියේදීත් හොඳ වැඩක් ආවොත් භාර ගන්න බලාපොරොත්තු වෙනවා.

වෘත්තීයමය මට්ටමින් කලාව තුළ නියැළීමට අදහසක් ඔබ තිබෙනවා ද?

ඇත්තට ම මෙහෙමයි. විවිධ work shopවලට සම්බන්ධ වෙලා හොඳ හැදෑරීමක් සමග විනයක් ඇතිව තමයි අපි මේ ක්ෂේත්‍රයට ආවේ.

නමුත් ඉතින් දැන් නම් රියැලිටි ෂෝ එකක් හරි ටික් ටොක් ෂෝ එකක හෝ අවුරුදු කුමාරියක් හරි වුණු ගමන් පහුව දා ඉඳන් ඩ්‍රාමා එකක ප්‍රධාන නිළිය වෙන්න පුළුවන්. 

ඉතා ම අඩු මුදලට තමයි එහෙම අය වැඩ කරන්නේ. 

ඒ වගේ තත්ත්වයක් තිබියදී වෘත්තීයමය මට්ටමින් නිළියක් වෙන එක නම් එතරම් සුදුසු නැහැ කියලා තමයි මම හිතන්නේ.

 ඒ නිසා රංගනයට අමතරව ඉදිරියේදී මගේ ම ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම් කරගෙන යනවා.

පවුලේ විස්තරත් කියමු?

අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි අපේ පවුලේ ඉන්නේ.

mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements