Advertisement


වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරු වීමක් සිදු කළේ දේශපාලන හේතුවකට නොවන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරීවරයාට විරුද්ධව ඉදිරිපත් වී තිබූ පෙත්සම් රැසක් සැලකිල්ලට ගැනීමෙන් පසු ස්ථාන මාරුව ක්‍රියාත්මක කළ බවද ඔහු පැවසීය.

මෙම ස්ථාන මාරුව තවත් එක් මාරු වීමක් පමණක් බව කී ඔහු හමුදාව සේම පොලිසියද ස්ථාන මාරුවීම් නිතර සිදු කිරීම සාමාන්‍ය දෙයක් යැයිද සඳහන් කළේය.

එරික් පෙරේරා වැනි දක්ෂ නිලධාරීන් පොලිසියේ තවත් සිටින බවත් අලුතෙන් වෙන්නප්පුවට යවන ලද සහකාර පොලිස් අධිකාරී වරයාද එවන් දක්ෂයෙක් බවත් ඔහු කියා සිටියේය. sarath weerasekara eric perera

පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.
GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements