Advertisement


වූහාන්හි සිරවූ ශ්‍රී ලාංකිකයන් ⁣බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රධාන ගුවන් නියමුවා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත් කරයි..!

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානි හා ප්‍රධාන ගුවන් නියමු තනතුරු හෙබවූ නිලධාරින් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කර ඇත.

මෙසේ තනතුරුවලින් ඉවත් කර ඇත්තේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී ප්‍රවීන් වෙත්තමුණි හා ප්‍රධාන ගුවන් නියමුය. කොවිඩ් වලින් චීනය ගිලගනිද්දී වුහාන් ප්‍රාන්තයේ සිරවූ ශ්‍රීලාංකිකයන් මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් චීනයට ගොඩබැස්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුවන් නියමුවා වූයේ ය.

පියාසර කිරීමේ බලපත්‍රය කල් ඉකුත් වූ අයකුට සහායක නියමුවකු ලෙස ඒ 330 වර්ගයේ ශ්‍රී ලන්කන් ගුවන් යානයක පියාසර කිරීමට ඉඩ සැලසීම මෙම නිලධාරින්ට එල්ල වූ ප්‍රධාන චෝදනාවකි.

ඉකුත් වසරේ දෙසැම්බර් 15, 18, 19 තෙදින තුළ සහායක නියමුවකු ලෙස සුදුසුකම් නොලත් අයකුට ඒ 330 යානාවක දකුණුපස නියමු ආසනයේ ගමන් කිරීමට ඉඩ සලසා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි වෙත ලිඛිතව දන්වා තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements