Advertisement


කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොහොයුරියන් 243 දෙනකු මේ වන විට එම රෝගය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා ඇති බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදි නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය  ඊයේ (11 )දා පැවසුවාය.
කොරෝනා වෛරසය ආසාදනය වූ හෙදි නිලධාරිනියන් පිළිබඳ විස්තර දෛනිකව අලූත් වන අතර මෙම සංඛ්‍යාලේඛන තවත් ඉහළ යා හැකි බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටි හෙද නිලධාරීන් දහස් ගණනක් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර සිටින බවද පුෂ්පා රම්‍යානි මහත්මිය කියා සිටියාය.

කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරීහු 27 දෙනෙක් මේ වන විට කොරෝනා වෛරස ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටිති.

හේමන්ත රන්දුණු
දිවයින

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements