Advertisement


ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වූයේ පෞද්ගලික හේතුවක් මත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා සති තුනක කාලයක් ඇතුලත නැවත ලංකාවට පැමිණෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිසිදු අසනීපයක් නොතිබූ බවද පැවසූ අමාත්‍යවරයා තමන්ට ඊයේ දිනයේ බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණ අවස්ථාවේදීත් රටින් පිටව යන අවස්ථාවේදීත් කිසිම ලෙඩක් ඔහුට නොතිබූ බවද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඉගි කරන ලද්දේ බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස් ගත වූ බවකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements