Advertisement


හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත.

නමුත් එම කාලයේදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකි බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.
ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ දිස්ත්‍රික්ක අතර සංචරන සීමා පනවන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව කොරෝනා වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර බව ද ඔහු පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට පළාත අතර සංඛ්‍යාව සීමා පැනවීමට කටයුතු කර තිබුනද අත්‍යවශ්‍ය සේවා සඳහා එම සීමා බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

හැදුනුම්පත් අංකය මත නිවසින් බැහැර වීම එක් අයෙකුට 

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ එක් පුද්ගලයකුට පමණක් බවයි.

එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන ඉලක්කම අනුව නිවස නිවසෙන් පිටතට අත්‍යවශ්‍ය කාරණාවකට පමණක් යාමට අවස්ථාව ලැබෙයි.

අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලත් ඔත්තේ නම් ඔත්තේ දිනවල ද නිවසෙන් බැහැරව යා හැකිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements