Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සරත් ෆොන්සේකා සහ වීරසේකර මැති ස‍බේදී ඇවිලෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් නිසා මැති සබයේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය.

වීරසේකර මහතා කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා හමුදාව නින්දිත ලෙස පාවා දෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවට චෝදනා කළේය.දෙදෙනා අතර එම බහින් බස්වීම ඇතිවූයේ මේ අවස්ථාවේ දීය.

හමුදාවේ සිටි අයකු ලෙස එවැනි ප්‍රකාශ නිකුත් කිරිම ගැටලු සහගත යැයි ද වීරසේකර මහතා මෙහිදී කීය.

මේ දෙදෙනා අතර එහිදී ඇති වූ සංවාදය මෙසේ ය.

සරත් වීරසේකර මහතා:

මිරිසුවිල් සිද්ධියේදී සුනිල් රත්නායක රණවිරුවාට නිදහස දුන් එක සම්පූර්ණයෙන්ම වැරදි යයි ෆොන්සේකා පසුගියදා ප්‍රකාශ කළා.ඒ චෝදනා ලැබූ සෙබළුන් සියලු දෙනා හිරේ දැමිය යුතුයැයි ඔහු පැවසුවා.

(මේ අවස්ථාවේ දී සරත් ෆොන්සේකා මහතා කතා කිරීමට නැගිටියි)

වීරසේකර මහතා:

ඔබතුමා ඉන්න මම කතා කරල ඉවර වෙනකන්.පොඉන්ට් ඔෆ් ඕඩර් එකක් මෙතන නෑ.

සරත් ෆොන්සේකා මහතා :

යුද්දෙ කළා කියලා රණවිරුවෝ කියලා මිනී මරන්න බැහැ .මිනී මැරුවා නම් කවුරු වුණත් හිරේ යන්න ඕන.කරන්නාගොඩ කළත් තමුන්නාන්සෙ කළත් නීතිය කාටත් එකයි .මම කියපු දේ හමුදාව පාවා දීමක් නොවෙයි .

වීරසේකර මහතා:

තමුන්නාන්සේ දන්නෙ නැති දේවල් කතා කතාකරන්න එපා.බොරුවට නිකන් වීරයෙක් වෙන්න හදන්න එපා .යුද අපරාධ කළා නම්හරි .කරපු නැති දේවල් මෙතන කියන්න එපා.තමුසේ වීරයෙක් වෙන්න හදන්න එපා .

( ෆොන්සේකා මහතා මහ හඬින් කෑ ගසයි.)

වීරසේකර මහතා:

දෙමළ සන්ධානයට ඕනෑ විදියට ඩයස්පෝරාවට ඕන විදියට ගහෙන් ගෙඩි එන්නා වාගේ මේ වගේ ප්‍රකාශ තමුන්නාන්සේ කරන්නේ ඩොලර් වලටයි .පහුගිය ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේ ඩොලර් කෝටි එකහමාර කුයි ඩොලර් පන් ලක්ෂ විසි හත් දහසකුයි නමට ගත්තා.

ෆොන්සේකා මහතා:

ජිනීවා ගිහිල්ලා කොහෙන්හරි ඩොලර් උස්සගෙන ආවට අපි ඒ තුට්ටු දෙකේ වැඩ කරල නැහැ.

වීරසේකර මහතා:

තමුන්නාන්සේ මුදලට හමුදාව පාවා දෙන්න එපා.ඩොලර් පන් ලක්ෂ ගානක් සම්පත් බැංකුවේ තිබුණා .

ෆොන්සේකා මහතා:

අපි එදා යුද්ධ කළේ බෝම්බ කාගෙන

වීරසේකර මහතා:

ඇයි අපි යුද්ධ කළේ නැද්ද .යුද්ධය දිනල ජාතියේ ප්‍රණාමය ලබාගත්තු පස් දෙනාගෙන් එක් කෙනෙක් මම.දැනගන්නවා.ඔයා විතරක් නෙවෙයි.ඔයා විතරක් නොවෙයි යුද්ධ කළේ.

මෙයාගේ පළමු පාවාදීම තමයි සුදු කොඩි සිද්ධිය .හමුදාව සුදු කොඩි අරගෙන ආපු අය මරා දැම්මා කියලා මෙයා ඇමරිකාවෙදි ප්‍රකාශ කළා.ඊට පස්සේ සන්ඩේ ලීඩර් එකේ ෆෙඩ්රිකා ජෑන්ස් ට කිව්වා සුදු කොඩි කතාවක්.යුද්දෙට කවුරුත් දායක වුණා .

තමන්ගෙ සෙබළුන් පාවා දෙනවා නම් තමුන්නාන්සෙ ෆීල්ඩ් මාෂල් කෙනෙකුට නොවෙයි ලාන්ස් කෝප්‍රල් කෙනකුටත් සුදුසු නෑ.

(ෆොන්සේකා යළිත් කෑ ගසයි)

ෆොන්සේකා මහතා:

මම කිව්වේ නඩු තීන්දුවේ තියෙන ඒවා.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒවා කිව්වා.

වීරසේකර මහතා:

තමුන්නාන්සේ ඒව කියන්නේ දෙමළ ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන.නැත්නම් මොකක්ද හේතුව.

(ෆොන්සේකා යළිත් මහ හඩින් කෑ ගසයි. වීරසේකර මහතාට බැණ වදී .)

වීරසේකර මහතා :

සුනිල් රත්නායක කියන්නේ මහසෝන් බලකායේ හිටපු කෙනෙක්.එයා කොටි පරාජය කරන්න ලොකු කැපවීමක් කළ අයෙක්.සුනිල් රත්නායක ඉන්නේ කටුමැටි පැලක.

ෆොන්සේකා මහතා:

මෙයා කියන්නේ යටත් වෙච්ච දොළොස්දාහ අපි මරලා දාන ඕන කියලා .පුදුම කතාවක් නේ මෙයා කියන්නේ.මේ වගේ මෝඩ කතා කිව්වම තමයි ලෝක ප්‍රජාව අපට විරුද්ධව යන්නේ.කොහෙ පිස්සෙක් ද මේ .

වීරසේකර මහතා:

පිස්සෙක් වගේ කතා කරනවා .එයාගෙ කතාවෙන් තේරෙනවා තියෙන මානසික තත්ත්වය.තමුන්නාන්සේ මුදලට ජාතිය ,උ හමුදාව පාවා දෙනවා.ඒක මේ රටේ සමස්ත ජනතාවම දන්නවා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්:

කමෝන් ...කමෝන් ..

වීරසේකර මහතා:

යුද්ධයෙන් පස්සේ ජනාධිපතිවරණයේදී ඔබතුමා දෙමළ දිස්ත්‍රික්ක ඔක්කොම දින්නෙ කොහොමද.ඔබතුමාට එල්ටීටීඊය දෙමළ ඩයස්පෝරාව එක්ක ගිවිසුමක් තියෙනවා.ඒක ඉතා පැහැදිලියි .

(ෆොන්සේකා යළිත් කෑ ගසයි)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

මෙතුමා සරත් ෆොන්සේකා මැතිතුමාට එල්ල කරපු එල්ල කරපු බොරු චෝදනා සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා මම ඉල්ලනවා.

(ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසති)

ප්‍රේමදාස මහතා:

කරුණාකරලා 91 වගන්තිය කියවන්න.එතකොට ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන බෝම්බයකට මුහුණ දුන්නෙත් ඩයස්පෝරාවෙන් මුදල් අරගෙන ද .මොන විහිලු කතා ද මේ.

වීරසේකර මහතා:

මම කතා කතාකරන්නේ හමුදාව පාවා දෙන කතා ගැනයි .බීබීසී එකටත් හමුදාව පාවා දුන්නා.මෙහෙම ප්‍රකාශ කරන්නේ ඔබතුමා මානසික රෝගියෙක් වෙන්න ඕන.

(ෆොන්සේකා දිගටම කෑ ගසයි .)

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook