Featured News

Video Gossip

Advertisement


මේ දිනවල රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසාත් එයට සමගාමීව පනවනු ලබන සංචරණ සීමා හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවය සතුව පවතින රුධිර සංචිත ප්‍රමාණය පහළ ගොස් ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

ඊයේ (04) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා පැවසුවේ දිනකට සාමාන්‍ය තත්ත්වය යටතේ රුධිර ඒකක 1200 ක් පමණ අවශ්‍ය වන බවය.

එමෙන්ම අවම වශයෙන් දිනකට රුධිර ඒකක 800 ක ප්‍රමාණයක් වත් ලැබිය යුතු බවත් සම්පූර්ණයෙන්ම සංචරණ සීමා දැමුවහොත් එම ප්‍රමාණය නොලැබීමට ඉඩ ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහෙයින් හැකි සෑම පුද්ගලයෙක්ම කොළඹ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ප්‍රාදේශීය මට්ටමෙන් ඇති රුධිර පරිත්‍යාග මධ්‍යස්ථානයකට පැමිණ රුධිරය ලබාදෙන ලෙසට වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය.

එමෙන්ම, ක්ෂණික ඇමතුම් මගින් අමතා ඒ සඳහා වෙලාවක් වෙන්කර ගන්නා ලෙසත් වෛද්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් ඉල්ලීය.





GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements