Advertisement


කොරෝනා වෛරසය ආසාදන වුවද අසාධ්‍ය නොවන රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙලක් අරඹන්නැයි සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආසාදිතයන් දිගින් දිගටම වැඩි වීම හේතුවෙන්ම රෝහල්වල තදබදය අඩු කිරීමට රෝගීන්ගේ තත්ත්වය හා පරිසරය සලකා බලා බරපතළ නොවන රෝගීන්ට මෙම ක‍්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.

දැනටමත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිත ඇයි හඳුනාගත්ත ද රෝහල් ගත කිරීමට දින තුන හතරක් ගත වන බවත් රෝගියා අවදානම් සහගත නැතිනම් නිවසේ සිට ප්‍රතිකාර ලැබිය හැකි ක්‍රම වේදයක් සකස් කරන්නැයි මෙහිදී යෝජනා වී ඇත.

ඉදිරි පෙළ සෞඛ්‍යය සේවා ප‍්‍රධානීන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අතර පැවති සාකච්ඡාවේදී මෙම යෝජනා ඉදිරිපත් වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements