Featured News

Video Gossip

Advertisement


කොරොනා ව්‍යාප්තිය අනුව නිසි අවස්ථාවේදී සංචරණ සීමා පැන වූයේ නැතිනම් ඉදිරියේදී රටම වසා දමන්නට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් තත්ත්වයක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇති බවයි.

නිරෝධායන පනතේ ප්‍රධානියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිසි තීන්දු මෙම අවස්ථාවේ ගත යුතුව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ඇතැම් ස්ථාන වල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීන්දු අභිබවා දේශපාලන තීන්දු ක්‍රියාත්මක වීම ඉතා ලැජ්ජා සහගත කටයුත්තක් බවද ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ද ඔහු පැවසීය.

මෙරට රෝහල් පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාමට නොදී කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාව තුළ ද ඉන්දියාවේ පවතින තත්වයට ඇතිවුණු ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements