Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

හිමිකරුගේ තොරතුරු ලීක් වෙයි 
ලංකාවේ විශාලතම අන්තර්ජාල ගණිකා මඩම වසා දමයි

බම්බලපිටියේ තෙමහල් ගොඩනැගිල්ලකින් පාසල් සිසුවෙක් බිමට වැටී බරපතල තුවාල ලැබූ සිදුවීමක් පසුගිය කාලයේ වාර්තා විය. බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා සිදුකළ පරීක්ෂණ ඔස්සේ හෙළිවී තිබුනේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වූ මෙම සිසුවා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීම සඳහා දෙමව්පියන් විසින් ලබාදුන් දුරකථනය මගින් ලංකාවේ විවිධ ප්‍රදේශ වල සේවය සපයන ගණිකාවන්ගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියකට පිවිස එහි ගණිකා සේවය ලැබීම සඳහා පෙර කී බම්බලපිටියේ තෙමහල් ගොඩනැගිල්ල වෙත ගිය බවය.
දුරකථනය ඔස්සේ කතාකරගත් පරිදි වෙලාවක් වෙන්කොටගෙන මෙම සිසුවා එම තරුණිය මුණ ගැසීමට ගොස් ඇති අතර තමාගේ සේවය ලබාගැනීමට පැමිණ ඇත්තේ පාසල් සිසුවෙක් බව ඇය දැනගෙන ඇත්තේද ඒ මොහාතේය. කෙසේ නමුත් එම සිසුවා අත රුපියල් දහසක් තිබෙන දුටු එම තරුණිය එම සිසුවා කාමරය තුලට ගෙන මුදල්ද ඉල්ලාගෙන ටික වෙලාවකින් “පොලිසියෙන් පොලිසියෙන්” යනුවෙන් කෑගසා කාමරයෙන් එලියට පැන තිබේ. ඉන් කලබලයට පත්වූ සිසුවා පඩි පෙලෙන් පහලට නොගොස් අසල වූ ඉනිමගක් ඔස්සේ පහලට බැසීමට ගොස් මෙම අනතුර සිදුවී තිබේ.

මේ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමේදී හෙළිවී තිබෙන්නේ මෙම වෙබ් අඩවිය කුඩා ළමයෙකුට වුවත් පිවිසිහැකි ආකාරයට සකස් කර ඇති බවත් එම වෙබ් අඩවියේ විවිධ ප්‍රදේශ වල ලිංගික සේවය සපයන තරුණියන්ගේ දැන්වීම් 150 ක් පමණ දිනපතා පලවන බවය. දැන්වීමට වැඩි අවධානයක් ලබාගැනීම සඳහා මුදල් ගෙවා එම දැන්වීම් වෙබ් අඩවියේ ප්‍රමුඛ ස්ථානයක රැඳවිය හැක.

ඒ අනුව බම්බලපිටිය පොලීසිය කළ සොයාබැලීම් අනුව එම වෙබ් අඩවියේ හිමිකරු දිනකට එක ලක්ෂ පනස්දහසක් පමණ එම වෙබ් අඩවියෙන් උපයාගෙන තිබුණි. ඒ අනුව ඔහුගේ මාසික ආදායම ආසන්න වශයෙන් ලක්ෂ 45 කි. මෙම පැමිණිල්ල විභාග වූ දිනවලම එනම් 2021 ජනවාරි මුල් සතියේම බම්බලපිටිය පොලිසිය විසින් මෙම වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරන ලෙස විදුලි සංදේශන නියාමන කොමිසමෙන් ඉල්ලා ලිපියක් යවා තිබුනත් මේවනතෙක් එය ලංකාව තුල අවහිර කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසම කටයුතු කර තිබුනේ නැත.

නමුත් එම වෙබ් අඩවිය එහි හිමිකරු විසින්ම පසුගිය වෙසක් පොහොය දා එය නවතා දමන්නේ ඔහුගේ අනන්‍යතාවය ලංකාවේ සුප්‍රකට අන්තර්ජාල සමාජයක් ඔස්සේ හෙළිදරව් වීමත් සමගය. එම හෙළිදරව්වට අනුව මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ළමුන් සිවු දෙනෙකුගේ පියෙකි.

ඔහු ප්‍රකට සමාගමක ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වශයෙන් සේවය කළ අයෙකු වේ. හාස්‍යට කරුණ වන්නේ ලංකාවේ අන්තර්ජාල ගණිකා සේවය වෙබ් අඩවිය මෙහෙයවූ තැනැත්තාම ලංකාවේ ජනප්‍රිය ධර්මය බෙදාහරින පිරිත් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යාමයි. ඔහුගේ අනන්‍යතාවයද හෙළිවන්නේද ඒ අනුවයි.

සිය අනන්‍යතාවය හෙළිවීමත් සමග වෙසක් පොහොය දිනයේ වෙබ් අඩවිය නවතා දමන ඔහු එහි අම්බපාලි ජාතකය ප්‍රදර්ශනය කොට තිබේ. එමෙන්ම එහි “බොහෝ ලස්සන දවස් පවා නිමවන දවසක් ඇති බව” ඡායාරූපයකින් පෙන්වා ඇත්තේ සමාජයට විශාල සේවයක් කළ වෙබ් අඩවියක් නවතා දමා ඇති අයුරිනි. සමාජයට පිළිලයක් වූ, පාසල් සිසුන් නොමග යැවූ වෙබ් අඩවියක් කළ මෙවන් පුද්ගලයෙකුට ඔහුගේ අනන්‍යතාවය හෙළිවීමත් සමග ජාතක කතාවක් එහි ප්‍රදර්ශනය කොට වෙබ් අඩවිය නවතා දැමීම මගින් සියලු චෝදනා වලින් නිදහස් විය හැකිද යන්න ගැටලුවකි.

ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනවානම් මෙම හෙළිදරව්ව සිදුකළ පුද්ගලයන් සතුව අවශ්‍ය තරම් සාක්ෂි ඇති බව අප වෙත වාර්තා වේ. ඔහු විසින් සමාජයට එක්කළ පිළිලය තවමත් අවසන් වී නොමැත. එම වෙබ් අඩවිය නිමවීමත් සමග තවත් එවැනි වෙබ් අඩවී කිහිපයක් අන්තර්ජාලයට එක්වී තිබේ. බලධාරීන් වහා මැදිහත් වී ඒවා නැවත්වීමට කටයුතු නොකළහොත් අනාගත පරපුර අමාරුවේ වැටීම නැවැත්විය නොහැකි කරුණක් වනු නොඅනුමානය.

– repoter

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook