Advertisement


කොරෝනා ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් තම නිවෙස් තුළම රැඳවීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළ රැදවූ විට හදිසි අවස්ථාවකදී එම නිවාස වලට යාමට තරම් වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩල නොමැති බව බවයි.

මෙවන් තත්ත්වයක් තුළ ආසාදිතයන් නිවෙස් තුළ රැඳවීම මාරාන්තික බවත් අවශ්‍ය රෝගීන්ට නිසි වෙලාවට පහසුකම් නොලැබුණහොත් ඔවුන් නිවාස තුලම මිය යෑමේ අවදානමක් ඇතැයිද ඔහු කියා සිටී.

මෙරට රෝහල් ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවාස තුලම රැදවීමේ නියමු වැඩසටහන සදුදා දිනයේ සිට ආරම්භ කරන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමති සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements