Featured News

Video Gossip

Advertisement


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, කොවිඩ්-19 රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් තම බිරිඳ ඊයේ (මැයි 22) රෝහල්ගත කර ඇති බවත් එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇය කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවත් ය.

පසුව, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තමන් ද පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය වූ බවත් එහිදී තමාට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණු බව විපක්ෂ නායකවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.

ඒ අනුව, තමන් ද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විපක්ෂ නායකවරයා පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements