Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2021 ප‍්‍රථම කාර්තුවේදී රු. බිලියන 24.7 ක ආදායමක් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 14.3% ක සුවිශේෂී වර්ධනයක් සහිතව බදු පසු ලාභය රු. බිලියන 2.1 ක් ලෙස වාර්තා කරමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහය සිය මූල්‍ය ප‍්‍රතිඵල, 2021 පළමු කාර්තුව සඳහා නිකුත් කර ඇත.
 
අදාළ කාලසීමාව තුළ සමූහයේ ආදායම රු. බිලියන 24.7 ක් දක්වා වර්ධනය වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 11.4% ක වර්ධනයකි. ෆයිබර් තාක්ෂණික සේවා, 4G LTE ජංගම අන්තර්ජාල සේවා, PEO TV සේවා මෙන්ම ධාරක දේශීය (Carrier Domestic) සේවාවන් වල ප‍්‍රගතිය මෙම වර්ධනයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත. ජාත්‍යන්තර ඇමතුම් ආදායම් වල පහළ යාමක් වාර්තා වන අතරම, ගෝලීය අන්තර් සේවා (Global Transit) සහ ගෝලීය දත්ත සේවාවන් පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබේ.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ මෙහෙයුම් ඉපයුම් ආන්තිකය (Earnings Before Interest" Tax" Depreciation and Amortizations - EBITDA) රු. බිලියන 9.7 ක, එනම් 13.6% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන අතර, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ 38.6% ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකය ද මෙම මූල්‍ය ප‍්‍රකාශයට අදාළ කාලසීමාවේදී 39.4% ක් ලෙස වර්ධනය වී ඇත. ගෝලීය තාක්ෂණික ප‍්‍රවණතා සමග සමපාත වීම සඳහා දරන ලද ප‍්‍රාග්ධන වියදම් ක‍්‍රමයෙන් ඉහළ යාම, සමූහයේ ක්ෂයවීම සහ ලියාහැරීම් රු. බිලියන 6.3 දක්වා වැඩි කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 18.0% ක වැඩිවීමකි.

SLT සමූහයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය.

”තවත් කාර්තුවකදී මේ ආකාරයට සාර්ථක ප‍්‍රතිඵල වාර්තා කිරීමට අපගේ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සමත් වීම මට මහත් ආඩම්බරයක්. ආදායමේ සහ ලාභයේ ද්විත්ව ඉලක්කම් වර්ධනයක් සහ ශක්තිමත් මෙහෙයුම් මුදල් ප‍්‍රවාහයක් සමගින් ප‍්‍රථම කාර්තුව තුළ අපගේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව ඉදිරියට ගමන්කර තිබෙනවා. මෙම කාර්තුවේ මෙතරම් සාර්ථකත්වක් අත්පත් කරගැනීමට එක් ප‍්‍රධාන හේතුවක් වූයේ, SLT-MOBITEL පොදු සන්නාමකරණය යටතේ අපගේ සමූහයේ විකුණුම් හා අලෙවි කටයුතු ඒකාබද්ධ කිරීමයි. COVID-19 නිසා මතුවන අවිනිශ්චිතතා එලෙසම පැවතියත්, අපගේ ආයතනික වර්ධනය කෙරෙහි තවදුරටත් අවධානය යොමුකරමින්, වාසිදායක වෙළඳපොළ ප‍්‍රවණතා වලින් ප‍්‍රයෝජන ලබමින්, මෙහෙයුම් ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කරගනිමින් සහ සියලූම පාර්ශ්වකරුවන්ට වටිනාකම් තිළිණ කරමින් ඉදිරියට යාම අපගේ ඉලක්කයයි.’’

මොබිටෙල් සමාගමේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා මෙසේ සිය අදහස් පළකළේය.

”දැනට පවතින වසංගත රෝග ව්‍යාප්තිය නිසා මුළු ලොවටම අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මෙවැනි කාලයකදී අතිශයින් වැදගත් සේවාවන් සලසන SLT-MOBITEL, පවතින තත්ත්වයන් හමුවේ තම පාර්ශ්වකරුවන් සියලූම දෙනා වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමට කටයුතු කළා. ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරුවා ලෙස, SLT හි ජංගම දුරකථන සේවා අංශය වන මොබිටෙල්, මේ දුෂ්කර කාලසීමාවේදී කිසිවෙකුටත් අඩුපාඩුවක් සිදු නොවන ලෙසට, තම ජාලය ග‍්‍රාමීය ප‍්‍රදේශ වලටත් ව්‍යාප්ත කිරීමට ඉක්මනින් පියවර ගත්තා. සැමදෙනාටම අන්තර්ජාල සේවාවන්

ලබාගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා වැඩසටහන් රැුසක් මේ කාලය තුළදී ක‍්‍රියාත්මක කෙරුණා. සුහුරු ෆෝන් (Smartphones) භාවිතය පුළුල් කිරීම අරමුණු කරගත් සහනදායී බහු-උපාංග දීමනා, යෙදුම් (Apps) පදනම් කරගත් ආකර්ෂණීය දත්ත සැලසුම්, නිවසේ සිට රාජකාරි කිරීමේ හා ඉගෙනුම් කටයුතු වල නිරත වීමේ අවස්ථාව සලසා දෙන බ්‍රෝඞ්බෑන්ඞ් සැලසුම් ආදිය, සමාජයේ සියලූම කාණ්ඩ වලට ඔවුන්ගේ අවශ්‍යතා අනුව බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවන් සහනදායී ලෙස ලබාදීම සඳහා හඳුන්වා දුන් වැඩසටහන් අතරින් කිහිපයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ආකාරයට බ්‍රෝඞ්බෑන්ඞ් පහසුකම් සියලූම දෙනා වෙනුවෙන් විවෘත කරන අතරම, මේ දුෂ්කර කාලසීමාවේදී මුළුමහත් රටටම බාධා රහිත සේවාවක් ලබාදීමට SLT-MOBITEL කැපවී සිටිනවා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook