Advertisement

ප්‍රවේසම් නොවුනොත් අපි ඔක්කොම අමාරුවේ

ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තවත් සති 10ක විතර කාලයක් තුළ මෙරට පැතිර යන ප්‍රධානතම කොරෝනාවෛරස ප්‍රභේදය වන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට විශේශ්ග්නවරුන් පෙන්වා දී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥවරුන් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනතුරු අඟවයි.

අද (ජූනි 29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

එමෙන් ම, ඇල්ෆා ප්‍රභේදය හේතුවෙන් වැඩි වශයෙන් මිය යන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවත් ඒ හේතුවෙන් එන්නත්කරණයේදී ඔවුන්ට ප්‍රමුඛතාව දීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරිය එහිදී පැවසුවා ය.

අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, කොවිඩ්-19 හේතුවෙන් ගර්භණී මව්වරු 12 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවය.

"වැඩියෙන් ම මේ ඇල්ෆා ප්‍රභේදයෙන් මැරෙන්නේ 60ට වැඩි අය. ඒ නිසා තමයි රජය පැහැදිලිව ම තීන්දුව ගත්තේ මේ එන්නත්කරණයේ දී 60ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා. ගර්භණී මව්වරු 12ක් මියගොස් තියෙනවා.

ඒ වගේ ම තමයි ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තව සති 10ක විතර කාලයක් තුළ මෙහි ප්‍රධානතම ප්‍රභේදය වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියලා.

විශේෂයෙන් ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා අවදානම පහවෙලා නෑ. සතුරා කැරකෙනවා, අලුත් සතුරෙකුත්."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements