Advertisement

මව මහලු ව්‍යපාරිකයාට විකිණුවේ ලක්‍ෂ 21කට
 

ජාවාරමා උසාවියටඅන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර පහළොස් හැවිරිදි දැරියක සහ ඇගේ මව මුදලට අලෙවි කළ බව කියන පුද්ගලයකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් පෙරේදා (08 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු රූමත් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමේ යෙදෙන පුද්ගලයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටින අයකු බව පොලිසිය පවසයි.

මොහු මෙම දැරියගේ මව රුපියල් විසිඑක් ලක්ෂයක මුදලට අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කර ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

මොහු 15 හැවිරිදි දැරිය ගල්කිස්ස ප‍්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක රඳවාගෙන පැයට රුපියල් දස දහස බැගින් මුදලට විවිධ පුද්ගලයන්ට අලෙවිකර ඇති බව පොලිසිය පවසයි.

මෙම දැරිය මුල්වරට අලෙවි කර ඇත්තේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ මහලූ පුද්ගලයකුට රුපියල් තුන්ලක්ෂයක මුදලකටය. ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව ගල්කිස්ස ස්ටේෂන් පාරේ මහල් නිවාසයක සිදුකළ වැටලීමකදී මෙම 15 හැවිරිදි දැරිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

එම මහල් නිවසේ සිටි පිරිමි දරුවන් දෙදෙනකු ද පොලිස් භාරයට ගෙන තිබේ. එම දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු සැකකරුගේ පෙර විවාහයන් දෙකක දරුවන්ය.

අනෙක් පිරිමි දරුවා මෙම 15 හැවිරිදි දැරියගේ බාල සොහොයුරාය.

මුදලට අලෙවි වූ දැරිය සහ ඇගේ මව බියගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෝය. සැකකරු මෙම දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඔවුන් මොරටුව ප‍්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගොස් තිබිණි.

එම නිවසේ ටික කාලයක් ගත කිරීමෙන් පසු මොහු දැරියගේ 32 හැවිරිදි වියේ පසුවූ මව අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ මහළු ධනවත් ව්‍යාපාරිකයකුට රුපියල් විසිඑක් ලක්ෂයක මුදලකට අලෙවි කර ඇත.

පසුව සැකකරු මෙම දැරිය සහ අනෙක් දරුවන් තිදෙනා රැගෙන ගල්කිස්ස ස්ටේෂන් පාරේ මහල් නිවාසයක පදිංචියට පැමිණ ඇත.

එම මහල් නිවාසය දිනකට රුපියල් පන්දහසක කුලී පදනම මත ලබාගත් එකකි.

සැකකරු එම නිවසේ සිට මෙම දැරිය මුදලට අලෙවි කර තිබේ.

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර සැකකරු මෙම දැරිය විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මොහු රූමත් තරුණ කාන්තාවන් විශාල පිරිසක් මේ ආකාරයට මුදලට අලෙවි කර ඇති බවයි. සැකකරු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.


හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, පින්සිරි ආරියරත්න
Divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements