Advertisement

මටත් සිහින තියෙනවා
පක්‍ෂයේ අනාගය සජිත්ගේ හැසිරීම මත තීරණය වේවි

සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි, ඊයේ (09) කොළම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බවය.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට එය ලබාදීමේ ක්‍රමන්ත්‍රණයක් සමගි ජනබලවේගය තුළ ක්‍රියාත්මක වූ බවට ජාතික පුවත්පතක් සහ සමාජ මාධ්‍ය හරහා පසුගියදා වාර්තා වී තිබුණි.

එම කුමන්ත්‍රණය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද එම චෝදනාවලට මෙලෙස ප්‍රතිචාර දැක්විය.

“සජිත් ප්‍රේමදාසව විපක්ෂ නායක පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂ නායක කරන්න ඕනේ කියන එක්සත් ජාතික පක්ෂ තීරණය කරලා තියෙන වෙලාවේ මමයි යෝජනා කරලා ඒ ලිපිය අත්සන් කරලා එතුමාව විපක්ෂ නායක කළේ. අපි කිසිම කෙනෙක් ට යටින් මඩ ගහන වැඩ කරන්නේ නෑ. අපි විවේචනයක් තියෙනවා නම් කෙලින් කියනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු එනවද නැද්ද කියලා මම දන්නේ නෑ. 2019 එතුමාට කතා කරාට පස්සේ මම එතුමාට කථා කරලා නෑ.“

ඔබ තුමා සිහින දකිනවා කියලා කතාවක් තියෙනවා නේද ?

“මම සිහින දකිනවා මේ රටේ පවුල් වාදයට උරුම වෙලා තියෙන මේ දේශපාලනය මේ රටේ නිපුණතාවය මත හැකියාව තියෙන පරම්පරාවට උරුම කර ගැනීම සඳහා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ රටේ පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක්. ඒ නිසා ඒ ප්‍රභූ පන්තියට විරුද්ධව තමයි අපි මේ කටයුතු කරන්නේ.“

සජිත් එක්ක ඉදලා ඔබ තුමාට ඒක කරන්න පුළුවන් වෙයි ද?

“මෙහෙමයි අපි අවස්ථානුකූලව ඒ වෙලාවේ තිබුණ හොඳම විකල්පය 2019 දී සජිත් ප්‍රේමදාස මහත්තයා. අපි ඒ හින්දා ඒ කටයුතු කළා. ඉදිරි අනාගතයේ දී සමගි ජන බලවේගය එතුමාගේ හැසිරීම හා අනෙකුත් කාරණා මත තීරණය කරයි.“

ඊළඟපාර වෙනසක් වෙන්නත් පුළුවන් ද?

“අපි දන්නේ නෑ නේ. මට කියන්නත් බෑ වෙන කෙනෙක්ට කියන්නත් බෑ. “

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements