Advertisement


මාරාන්තික MIS-C ළමා රෝගය ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ ගණනක් වැයවන නිසා එම ප්‍රතිකාර ලබාදීම සඳහා රාජ්‍ය අංශය සූදානමින් සිටින බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අනාවරණය කරයි.
ඔහු පෙන්වාදෙන්නේ මෙම රෝගය වැළඳුණු දරුවන් කිහිප දෙනෙකුම රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පසුගියදා ප්‍රතිකාර ලබාගත් බවත් ඉදිරියේදී මෙම රෝගය වැළඳුණු දරුවන් වැඩි වශයෙන් දිවයින තුළින් හමුවනු ඇතැයි විශ්වාස කරන බවයි.

අප එදිනෙදා දකින රෝග ලක්ෂණම මෙම රෝගයේදී දකින්නට ලැබෙන බවත් බඩේ කැක්කුම, වමනය, පාචනය, සම මතුපිට දදයක් මතුවීම, ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ දරුවෙකු තුළින් මතුවුවහොත් ඒ පිළිබඳව දැඩිව සැකිලිමත් වන ලෙසත් එවැනි අවස්ථාවක දරුවා වහාම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන ලෙසත් විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements