Featured News

Video Gossip

Advertisement

පොලිස්  ලොක්කාට නියෝගය දුන්නේ VVIP කෙනෙක් ද?

පසුගිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පවත්වන අතර කොටුව පොලිසිය විසින් අත්අඩංගුව ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු සාදයට එක්වූ 20 දෙනකු පමණ පිරිසක් මුදාහැරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහාය ලැබුණේ ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුන් උපදෙස් මතයි.

මේ අනුව මෙම විමර්ශනය සඳහා කොළඹ දකුණ භාර පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි පත්කර ඇති අතර ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදය සම්බන්ධ විමර්ශන කොටුව පොලිසියෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනක් නන්දන වෙත පැවැරීමට ද පියවර ගෙන ඇත.

මැයි 30 වැනිදා රාත්‍රියේ පැවැති මෙම උපන්දින සාදයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් විසිදෙනකු පමණ පොලිස් නිලධාරීන් විසින් මුදාහැර ඇති බවත් පසුදින උදෑසන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අණින් විමර්ශන අරඹද්දි චන්දිමාල් ජයසිංහ හා නිරූපණ ශිල්පී පියුමි හංසමාලි දහවල් කාලයේ පොලිසියට කැඳවා අධිකරණය වෙත පමුණුවා ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.

මෙම පිරිස බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමුකිරීමට ඉල්ලූ අවසරය අධිකරණය මගින් ප්‍රතික්ෂේප වුවත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මෙම පිරිස නිරෝධායනයට යැවීම සඳහා වාර්තාවක් ලබාදී තිබිණි.

මේ අනුව එම සිද්ධියට 2 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කළ කාන්තාවන් දෙදෙනකු ද ඇතුළු දහතුන්දෙනකු නිරෝධායනයට ගෙනයාමට අධිකරණය ඉදිරිපිටදීම බස් රථයකට නංවාගෙන ඇත.

පිරිස නිරෝධායනය සඳහා පස්සර පිහිටි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත 2 වැනිදා පස්වරුවේ රැගෙන ගියේය.

– aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements