Advertisement


පසුගිය 20 වැනිදා රාති‍්‍ර දේශීය ජල තීරයේදී එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමට දින දහයකට පමණ පෙර සිටම එහි ගබඩාකොට තිබූ බහාලූමකින් නයිටි‍්‍රක් ඇසිඞ් අම්ලය කාන්දුවීමක් සිදුවන බවට එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැනුවත්ව සිටි බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඊයේ (7 දා) කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනි පෙරේරා මහත්මියට දැනුම් දුන්නේය.

රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් සිදුවන බැවින් නැව ගිනි ගැනීමට ලක්විය හැකි බවට නැවේ කපිතාන්වරයා විසින් එකී නැව් සමාගමේ දේශීය නියෝජිත ආයතනයට දැනුම්දී ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී විද්්‍යුත් තැපැල් පණිවිඩ එම නියෝජිත සමාගම විසින් මකා දමා විමර්ශනවලට අවශ්‍ය සාක්‍ෂි හිතාමතාම වසන් කර ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් සිදුවන බව වසන් කර ඇති එකී දේශීය නියෝජිත ආයතනය නැව කිසිදු අනතුරුදායක තත්ත්වයක් නොමැතිව සුරක්‍ෂිත තත්ත්වයේ පවතින බැවින් දේශීය මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති බවත් නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇති බවට මුල්වරට කොළඹ වරාය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ පසුගිය 20 වැනිදා පෙරවරු 10.00 ට පමණ වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

එබැවින් එකී නියෝජිත ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ අර්ජුන හෙට්ටිආරච්චි, සහකාර කළමනාකාර සංජීව සමරනායක ඇතුළු හත්දෙනකුද එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර ඔවුන් අධිකරණය හමුවට කැඳවීමට සිතාසි නිකුත් කරනා ලෙසටද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල එම ඉල්ලීම සිදුකරනුයේ ඉදිරි විමර්ශන සඳහා බවට අධිකරණය හමුවේ සනාථ කර නොමැති බවත් එවැනි චෝදනාවලට එරෙහිව පවරන නඩු විභාග කිරීමේ බලය ඇත්තේ මහාධිකරණයට පමණක් බවත් පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ නැවෙන් ඉවත් කරගත් දත්ත පටිගත කිරීමේ යන්ත‍්‍රය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙසට පැමිණිල්ල කළ ඉල්ලීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී අවසර ලබා දුන්නාය.

එම නෞකාවට ආරක්‍ෂාව සපයන ලෙසටද එහිදී නාවික හමුදාපතිවරයාට නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නඩුව ලබන 15 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළාය.

– divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements