Featured News

Video Gossip

Advertisement


මතභේදයට තුඩු දී ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අගෝස්තු මස තුන් වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීමේ වැඩමුළුවක් අගෝස්තු මස දෙවැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවද ජනාධිපතිවරයා පවසා තිබේ. මේ සම්බන්ධයෙන් රටේ වැරැදි මතයක් ඇති වී ඇතැයි ද එය නිවැරදි කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත.

මෙකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දිනක විවාදයක් පවත්වා යළි විවාදයට ගැනීම අගෝස්තු මස තෙවැනි සතිය දක්වා කල් දැමුණේ ඊට එල්ල වූ විරෝධය මත ය.

මේ අතර පසුගිය සිකුරාදා (16 වැනිදා) පැවති බෞද්ධ උපදේශක කාරක සභාවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම සරසවිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කරන බව ය.

– Aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements