Advertisement

ඔන්ලයින්  පෙම් ලයින් වී අවුරුදු 14ක සිසුවිය ගෙදරින් ගිහින්

ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබා ගැනීමට දෙමාපියන් ලබාදුන් ජංගම දුරකථනයට අහඹු ලෙස ලැබුන ඇමතුමකින් තරුණයෙකු සමඟ පෙම්බැදි අවුරුදු 14 යි මාස 10ක් වයසැති පාසල් සිසුවියක් දින 07ක් පෙම්වතාගේ නිවසේ බිරිඳක් ලෙසින් කාලය ගතකිරීමේ සිද්ධියක් ඉකුත් 02 වැනිදා ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

තම බාලවයස්කාර දියණිය නිවසින් අතුරුදන්ව දින 07ක් ගතවී තිබියදීත්, තම පුතා බාලවයස් සහකාරියක්ව නිවසට රැගෙන විත් දින 07ක් නිවසේ රඳවාගෙන සිටියදීත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර නොතිබූ බවට අධිකරණයේදී සඳහන් වූ අතර බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත 18 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන් එම සැකකාර තරුණයාගේ මව සහ පියාව යක්කල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. හංවැල්ල ප‍්‍රදේශයේ පදිංචි දැරියගේ මව සහ පියාද අධිකරණය හමුවේ පෙනීසිටි අතර දැරියගේ වයස සම්පූර්ණවීමෙන් පසු දෙදෙනාව විවාහ කරලීමට කටයුතු කරන බව දෙපාර්ශ්වයේම දෙමාපියන් අධිකරණය හමුවේ පොරොන්දු විය.

මීරිගම, පදිංචිකරුවන් වන 18 හැවිරිදි සැකකාර තරුණයා පියා සහ මව ඇතුළු තිදෙනාගෙන් එක් අයෙකුව රුපියල් ලක්‍ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍ර රාජා මහතා නියම කළේය. සෑම මසකම අවසාන ඉරුදින පෙරවැවේ යක්කල පොලිසියේ පෙනීසිටින ලෙසට ඇප නියමවූ තිදෙනාට අධිකරණයෙන් නියම කෙරුණි.

මවට දැරියව බාර කෙරුණු අතර මෙම සිද්ධියේදී දෙමාපියන්ගෙන් වරදක් සිදුවී ඇත්දැයි විමර්ශනය කරන ලෙසට පැමිණිල්ල මෙහෙයවූ යක්කල පොලිසියේ සැරයන් ගුණසිරි (40464) නිලධාරියාට නියම කළ අධිකරණය ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබන සැප්තැම්බර් මස 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කෙරුණි.

දරුවන්ගේ අනාගතය රැකෙන්නේ දෙමාපියන්ගේ වගකීම මත බව පැවසූ අධිකරණය දෙමාපියන් දරුවන්ව ආරක්‍ෂා කළ යුතු බවද පැවැසීය.

නඩුව නැවත සැප්. මස 21 දින කැඳවීමට නියම කෙරුණි.

DIVAINA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements