Advertisement


කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිතයන් 250-300 ක් අතර ප්‍රමාණයක් සමාජයේ සිටිය හැකි බවට විශේෂඥයන් පෙන්වා දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොව ඉතාම අවදානම් තත්ත්වයක් බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඩෙල්ටා ප‍්‍රබේධය මගින් ඇතිවන රැල්ල පෙර රැලි සියල්ලට වඩා ඉතා භයානක විය හැකි යැයි ද ඒ මහතා පවසයි.

පවතින තත්ත්වය මත ඉදිරියේදී ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛතම ප්‍රභේදය විය හැකි යැයි ද ඔහු පවසා සිටියි.

මෙවන් තත්ත්වයකදී ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ජනතාව කොරෝනා වසංගතයක් ඇත්තේදැයි නො තකමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් යැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements