Featured News

Video Gossip

Advertisement

ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් [PHOTOS]

පසුගියදා ගොසිප්99 අපි මුහුණු පොතේ "මතකද මෙයාව" යනුවෙන් සදහන් කරමින් එක් කල ඡායාරූපයට ගොඩක් හොද ප්‍රතිචාර තිබුණු නිසා, ඇය ගැන කතා කිරීමට අප තීරණය කලා.

ඇය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය ලාංකේය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ගත්ත බොහොම අපූරු සිනමා නිර්මාණයක්.

එම චිත්‍රපටයත් සමගින් ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වවිමී ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
ඇය වෙන කවුරුත් නොව ළමා ලෝකයේ අපේ පුංචි පැංචිය වූ ප්‍රමුදි කරුණාරත්නයි . සිරස ටීවී නාලිකාවේ විකාශය වූ පළමු ළමා වැඩසටහනේ පුංචි ළමා නිවේදිකාව වූ ඇය නිවේදනයට පමණක් නොව රංගනයෙනුත් බොහෝ දස්කම් පෑ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක්.

ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය වාසනාව හිමි කරගන්නවා. ඒ වගේම “බෝම්බ සහ රෝස” වැනි චිත්‍රපට කතාන්දර තුළිනුත් ඇය ඔබ හමුවන්නට පැමිණියා.කාලයත් එක්ක ඇය ක්ෂේත්‍රයෙන් අයින්වෙලා වගේ තමයි දැන් ඉන්නේ.

දැන් ඇය දරුවන් දෙදෙනෙකුගේ අම්ම කෙනෙක්. ඉතින් අම්මා කෙනෙක් වුනාම තියන වගකීම් හමුවේ ඇය දරුවන් සමග කාලය ගත කරන ආකාරයක් තමයි අපි දකින්නේ. ඇයගේ පළමු දුවගේ නම ‘සෞර්‍යා දෙනවක’ කියලයි ප්‍රමුදි අපිට කිවුවේ.

ප්‍රමුදිගේ සැමියා මුණගැහෙන්නේ කළා ක්ෂේත්‍රයේදිමලු. ඉතින් දැන් ප්‍රමුදි රඟපාන්නේ නෑ ඒ ගැන ප්‍රමුදි අපිට කිවුවේ මේ වහේ කතාවක්. ‘මම රංගනයෙන් අයින් වෙලා, අවුරුදු පහක්, හයක් වෙනවා. මම හිතුවා රංගනයෙන් ඈත් වෙලා ඉද්දි ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා නැහැ කියලා මන් දන්නවා.

මොකද මන් රංගනයෙන් සහ නිවේදනයෙන් යන අංශ දෙකෙන්ම දායක වුනේ කුඩා කලේ නිසා මෑතකදී නම් මට රුපවාහිනියේ වද්සටහනකටත් ඇත්තටම සහභාගී වීමට නොහැකි වුනා. නමුත් මට හරිම සතුටුයි. මන් වගේ කෙනෙක් ආදර්ශයට අරගෙන අද වන කොටත් පුංචි පැංචි වැඩසටහන විකාශය වනවා.

ඉතින් ඇත්තටම මටත් වඩා හොඳට දැන් පුංචි නංගිලා පුංචි මල්ලිලා ලස්සනට ඒ වැඩසටහන කරනවා.ඉතින් මන් මගේ පුංචි ප්ටවූ දෙන්නටත් ඒ වැඩසටහන පෙන්නවා. මට රංගනයටත් ආරාධනා ලැබුණා. ඒත් ආයෙත් රංගනයට එකතු වෙන්නේ නෑ කියලා හිතලා තියෙන්නේ. ඉතින් දැන් මට වගකීම් වැඩි නිසා මගේ පවුල් ජ්විතේ ගැන හිතලා මන් රංගනයෙන් ඈත් වෙන්න හිතුවේ කියලයි ඇය පවසා තිබුනේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements