Advertisement


ඉදිරි කාලයේදී මසකට කොරෝනාවෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින් සංඛ්‍යාව 4000 - 4500 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ, මෙම සංඛ්‍යාව යුද සමයේදී දිනකට මිය ගිය පුද්ගල සංඛ්‍යාව පවා අභිබවා යන තත්ත්වයක් විය හැකි බවය.

"දිනකට මිය යන රෝගීන් සංඛ්‍යාව 50ට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් 4000 - 4500ත් අතර ප්‍රමාණයක් මිය යාවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. යුද්ධය පැවති සමයේදීවත් මෙපමණ මිනිසුන් මිය ගිහින් නෑ. ජනතාව තේරුම්ගන්න ඕනි මේක ඉතාමත් භයානක අවස්ථාවක්."

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානම පවතින බැවින් ජනතාව එය තේරුම්ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements