Advertisement



ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, මෙරට රෝහල් පද්ධතියෙන් ලැබෙන තොරතුරු අනුව මේ බව පෙනී යන බවය.

"දැන් කියන්න ඕනේ අපේ රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු කාරණා අනුව දැන් යළි අපේ රෝහල් පද්ධතිය පෙර සිටින ඒ කියන්නේ අපි හිතන්න පුළුවන් ඒක හතර වන රැල්ල කියන එක. මේ හතරවන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක අපේ හැඟීමයි, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීම කියන එක අපි මේ අවස්ථාවේදී ජනතාවට දැනුම් දෙන්න ඕනේ."

මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ, එන්නත්කරණය මගින් පමණක් රට යථාතත්ත්වයට නැවත පත් වන බව සිතීම මිථ්‍යාවක් බවය.

"එන්නත මත විශ්වාසය තබා ගෙන අපි රෝගය පාලනය කරනවා, අපිට මේ රට ඉදිරියට සේර ම ජනතාවක් විදියට අපිට ඉස්සර හිටිය විදියට ම යන්න පුළුවන් මේ එන්නත්කරණය මගින් කියන එක අපි සඳහන් කළොත් එහෙම අපි ඒක මිථ්‍යාවක් විදියට දකිනවා."

එමෙන් ම, රට තුළ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වූ අවධියේදී ඩෙල්ටා ප්‍රභේදය රටට තර්ජනයක් නොවුණු බවත් වැඩි කල් නොයා එය මෙරට ජනතාවගෙන් 50%කට වඩා ආසාදනය විය හැකි බවට තම සංගමයට සැකයක් ඇති බවත් විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

"ඩෙල්ටා ප්‍රභේදය රට තුළට ඇවිල්ලා තියෙනවා. ඒ දවස්වල අපි තද සංචරණ සීමා දක්වද්දී ඒක රටට තර්ජනය වුණේ නැහැ. ඒක නිසා මේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි කල් නොගොස් අපේ රටේ 50%කට වඩා ජනතාවකගේ වෛරසවලට හේතු කාරණා වෙලා ඒක තමයි මූලික ම රෝගය බවට පත්වන්නේ කියන එක අපිට සැකයකින් තොරයි."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements