Advertisement

වාඩිය බලන්න ගියි මිනිසුන් ප්‍රදේශයම වනසලා

නාඩගම්කාරයෝ මේ දිනවල ප්‍රතිචාර ඉහලින්ම ලැඛෙන නාටකයක්. නමුත් දිනෙන් දින  එහි රූගත කිරීම්වලට භාධා ඇතිවෙමින් පවතින බව සරා පවසයි.

නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය රූගත කරන ගම් ප්‍රදේශයට පැමිණ එම පරිසරය අපවිත‍්‍ර නොකරන ලෙස පේක්ෂකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව නාඩගම් කාරයෝ නාට්‍යයේ ප්‍රධාන රංගන ශිල්පි සජිත අනුත්තර ඉල්ලා සිටි.
විශාල වශයෙන් පේ‍්‍රක්‍ෂකයන් පැමිණ නාට්‍ය පසුතලයන්ට හානි කිරීම නාට්‍යට හානියක් මෙන්ම පරිසරය අපවිත‍්‍ර කිරීම එම ගම්වාසීන්ටද අපහසුතාවක් බවත් ඔහු පවසයි.

පරිසරයට කිසිදු හානියක් නොකරන ලෙසත් නාට්‍යයේ කටයුතුවලට අවහිරයක් නොකරන ලෙසත් ඔහු සිය සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඉල්ලා ඇත.

නාඩගම කාරයෝ ටෙලි නාට්‍ය මෙරට ජනප්‍රිය වීමත් සමගම එය රූගත කරන ගම් ප්‍රදේශය නැරඹීම සඳහා මෙරට තරුණ තරුණියන් විශාල වශයෙන් සංචාරණය කිරීම පටන් ගෙන තිබේ.

එය එම ගම්වාසීන්ට පවා මහත් හිරිහැරයක් වී ඇති අතර ඔවුන් ද ඉල්ලා ඇත්තේ තම ගම් ප්‍රදේශයට පැමිණ එය අපවිත්‍ර නොකිරීමට කටයුතු කරන ලෙසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements