Advertisement


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීමට නායකත්වය ලබා දීමට පෙරට එන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාෂිකා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ආරාධනා කර තිබේ.

පසුගියදා  (29) දිනට යෙදී තිබෙන හිටපු ජනාධිපතිනියගේ 76 වැනි ජන්ම දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සුබ පැතුම් එක් කර තිබුණා. එලෙස සුබ පැතුම් එක් කළ බොහෝ පිරිසකගේ අදහස වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය නැවැතත් හිටපු ජනාධිපතිනිය විසින් භාර ගත යුතු බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත්ම ඒකකය වන පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන පිරිසක් ද මේ අතර සිටීම විශේෂත්වයකි.

හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, අතාවුද සෙනෙවිරත්න, මිල්රෝයි ප්‍රනාන්දු, දයාශ්‍රිත තිසේරා, ජීවන් කුමාරණතුංග, චන්දිම වීරක්කොඩි, විජිත් විජිතමුණි සොයිසා, තිලංග සුමතිපාල, හිටපු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් වන සරත් ඒකනායක සහ පේශල ජයරත්න මෙන්ම ශ්‍රී ලංකා නිදහා පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකුද මෙලෙස සුබ පැතුම් එක් කර තිබුණා.

හිටපු ජනාධිපතිනියගේ ජන්ම දිනය වෙනුවෙන් පක්ෂයේ සාමාජිකයින් සහ පාක්ෂිකයින් විසින් සංවිධානය කරන ලද ආගමික වතාවත් ද දිවයින පුරා ස්ථාන කිහිපයකදී පැවැත්විණි.

පසුගිය වසර කිහිපයේම මින් බහුතරයක් දෙනා හිටපු ජනාධිපතිනිය සමග සබඳතා නොපැවැත්වූ බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් මෑත කාලය වන විට පාක්ෂිකයින්ගෙන් වත්මන් පක්ෂ නායකත්වයට විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින අතර පක්ෂ අභ්‍යන්තරයේ ද නායකයන් අතර සීතල යුද්ධයක් ඇරඹී තිබේ.

මේ අතර ඉකුත් දා වත්මන් පක්ෂ සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන විසින් වත්මන් රජය යටතේ තමන් කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගන්නා බවට ප්‍රකාශයක් නිකුත් කළ අතර එම ප්‍රකාශය ඔහුට හිතවත් පිරිස විසින් උත්කර්ශයට නගමින් ආණ්ඩු විරෝධී මතයක් සමාජ මාධ්‍ය හරහා නිර්මාණය කරමින් සිටිති.

කෙසේ නමුත් අභ්‍යන්ත‍ර ආරංචි මාර්ග පවසන්නේ මෙය වත්මන් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට එල්ල කරන ලද පහරක් බවයි. ඔහු දිගින් දිගටම ආණ්ඩුවත් සමග රැඳීමේ අරමුණින් පක්ෂය තුල විශාල බලපෑමක් එල්ල කරමින් සිටින පසුබිමක සිරිසේන විසින් සිදු කරන ලද ප්‍රකාශය ඔහුට එල්ල කරන ලද පහරක් ලෙස ඇතැමෙකුගේ අදහසයි.

මේ අභ්‍යන්තර අර්බුදය නිසා පාක්ෂිකයන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් නැවැත හිටපු ජනාධිපතිනියගේ ආගමනයක් අපේක්ෂාවෙන් සිටින බව පෙනී යන අතර ඇයගේ උපන් දිනය වෙනුවෙන් එක් කරන ලද උපන්දින සුබ පැතුම්වල එය සැඟව ඇත්දැයි සැක සිතේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements