Advertisement

15 හැවිරිදි දැරිය ලිංගික කටයුතුවලට අලෙවි කරලා ප්‍රාදේශීය සභා උප සභාපතිත් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් පසුගිය ජූනි මස 7 වන දින වයස අවුරුදු 15ක දැරියක් ඉන්ටර්නෙට් හරහා ලිංගික කටයුතු සඳහා විකිණීම සම්බන්ධව සිදු කළ විමර්ශන අනුව තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (ජූනි 30) දින පොලිස් ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඊයේ දින අත්අඩංගුවට ගත් එම පිරිස අතර මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද සිටින බවය.

එමෙන් ම, එම දැරිය මුදලට ලබාගත් ව්‍යාපාරිකයෙකු සහ ඉන්ටර්නෙට් හරහා දැරිය අලෙවි කිරීමට සහය දුන් පානදුර ප්‍රදේශයේ අයෙකු ද සිටින බව ද ඔහු පැවසීය.

මෙහිදී අත්අඩංගුවට ගත් එක් අයෙකු තවත් කාන්තාවක වැල්ලවත්ත ප්‍රදේශයේදී ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට ගෙන යන අවස්ථාවකදී අත්අඩංගුවටගෙන ඇත.

ඔහු භාරයේ සිටි අදාළ කාන්තාව සහ යතුරු පැදියක් ළමා හා කාන්තා කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (ජූලි 1) දින අධිකරණයට යොමු කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඊයේ අත්අඩංගුවට ගත් 3 දෙනො ද සමග මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් 21 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් රැසක් පිළිබඳව තොරතුරු මේ වන විට හෙළි වෙමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතියට අනුව කාන්තාවන් මුදලට විකිණිම, ලිංගික කටයුතු සඳහා සැපයීම සිදුකරන්නන් කුට්ටනය සහ මිනිස් ජාවාරම යන වරදට වරදකරුවන් වන බවත් එවැනි තැනැත්තන් අවුරුදු 20ක් දක්වා කාලයකට බන්ධනාගාර ගත කිරීමට හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements